අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොලිස්පතිකමට දේශබන්දුට තිබූ බාධා සියල්ල ඉවතට

පොලිස්පතිකමට දේශබන්දුට තිබූ බාධා සියල්ල ඉවතට

දේශබන්දුට එරෙහි නඩු දෙකක් අධිකරණය බල රහිත කරයි අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු වශයෙන්…

දේශබන්දුට එරෙහි නඩු දෙකක් අධිකරණය බල රහිත කරයි 

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් සඳුදා (26) රීට් ආඥාවක් නිකුත් කරනු ලැබීය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සමට අදාළ තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන මහත්වරුන් ඇතුළු විනිසුරු මඩුල්ල විසින් මේ නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.

මේ අතර 2022 මැයි මස 09 වැනිදා ගාලු මුවදොර පිටියේ පැවැති "ගෝඨා-ගෝ-ගම" අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ තිබූ ලිපියක් ද බල රහිත කරමින් අභියාචනාධිකරණය රීට් ආඥාවක් නිකුත් කර තිබේ.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොලිස්පතිකමට දේශබන්දුට තිබූ බාධා සියල්ල ඉවතට | Lanka Newsweek