අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොලිපති පත් කළේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා

පොලිපති පත් කළේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා

ජනපතිට සහ කතානායකට විපක්ෂ නායකගෙන් චෝදනා කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා යොමු කළ විකෘති ලිපියකට අනුව ජනාධිපතිවරයා පොලිස්පතිවරයා පත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් බව විපක්ෂ…

ජනපතිට සහ කතානායකට විපක්ෂ නායකගෙන් චෝදනා 

කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා යොමු කළ විකෘති ලිපියකට අනුව ජනාධිපතිවරයා පොලිස්පතිවරයා පත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බදාදා (23)  චෝදනා කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය විකෘති කර කතානායවරයා, ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය මම මේ සභාවට ඉදිරිපත් කරනවා. මේ ක්‍රියාව පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව කිව යුතුයි. මේ වංචා සහගත ලිපිය පදනම් කර ගෙන ජනාධිපතිවරයා පොලිස්පති පත් කිරීම නීති විරෝධීයි. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර තිබෙනවා. මේ කළේ සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බව පැහැදිළියි. අගමැතිවරයා මෙහි ඇත්ත තත්ත්වය දන්නවා. ඒ නිසා අගමැතිවරයාට මේ ප්‍රශ්නයට උත්තර දෙන්න හැකියාවක් ඇත්තේ නැහැ. කතානායකවරයාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර තිබෙනවා. ඒ ගැන ගන්නා පියවර කුමක්ද..? ජනාධිපතිවරයා මේ කරුණු කාරණා ගැන හොඳ අවබෝධයක් තිබෙන පුද්ගලයෙකු නේද..? එසේ තිබිය දී මේ වගේ තුට්ටු දෙකේ ලිපියකට රටේ පොලිස්පති පත් කළ හැකිද..?  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොලිපති පත් කළේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා | Lanka Newsweek