පොදු ජන පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනපතිනිය

ශ්‍රීලනිපය "පුටුව" ලකුණ යටතේ පුළුල් සන්ධානයකින් කරළියට පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායිකාව ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කිරීමට තීරණය කර තිබේ. බව ශ්‍රී…
ශ්‍රීලනිපය "පුටුව" ලකුණ යටතේ පුළුල් සන්ධානයකින් කරළියට
පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායිකාව ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කිරීමට තීරණය කර තිබේ. බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ මහතා පැවසීය.
පොදු ජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමේදී මේ තීරණයට එළඹ තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ "පුටුව" ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට සහ මහා මැතිවරණයට තරඟ කිරීමට නියමිතය.
පොදු ජන පෙරමුණු ව්‍යවස්ථා සංශෝධනය යටතේ එම පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ 25% ක නියෝජනයක් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 50% ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වී තිබේ.
පොදු ජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය 2024.02.22 වැනි දා පත් කිරීමට ද තීරණය කර ඇති අතර එහිදී පක්ෂයේ මහා ලේකම් ධුරයට නව පුද්ගලයෙකු පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ මහතා පවසයි.