අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි..!

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි..!

පොලිස් කණ්ඩායමක් තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේ තමන්ට වෙඩි තබා ගත් පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා මරණයට පත්ව තිබේ. ලිමා අගනුවර රෝහලකට ඇතුළත් කළ ඔහුගේ හිසට සිදුව ඇති තුවාලවලට…

පොලිස් කණ්ඩායමක් තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේ තමන්ට වෙඩි තබා ගත් පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා මරණයට පත්ව තිබේ.

ලිමා අගනුවර රෝහලකට ඇතුළත් කළ ඔහුගේ හිසට සිදුව ඇති තුවාලවලට ප්‍රතිකාර කෙරුණු බව රෝහල් බලධාරීහු මීට ඉහතදී කියා සිටියහ.

බ්‍රසීල ඉදිකිරීම් සමාගමකින් අල්ලස් ගෙන ඇති බවට හිටපු ජනපතිට චෝදනා එල්ල වූ අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

දැන්වීම

පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගොස් ඇත්තේ එම චෝදනා මතය.

AFP
සිද්ධියෙන් අනතුරුව

එරට අභ්‍යන්තර කටයුතු භාර ඇමතිවරයා කියා සිටියේ පොලිසිය පැමිණි අවස්ථාවේ දුරකතන ඇමතුමක් ලබා ගැනීමට ඇති බව පවසමින් හිටපු ජනාධිපතිවරයා කාමරයක් වෙත ගොස් එහි දොර වසා ගත් බවය.

Getty Images
කණගාටුවට පත්වන ආධාරකරුවන්

ඉන් මිනිත්තු කිහිපයකට පසු වෙඩි හඬ ඇසී තිබේ.

ඔහු පේරු රාජ්‍යයේ ජනාධිපති ලෙස 1985 සිට 1990 දක්වා සහ 2006 සිට 2011 දක්වා දෙවරක් ජනපති පදවිය දරා ඇත.

(BBC සිංහල සේවය)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි..! | Lanka Newsweek