අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. (27)වැනිදා සවස් කාලයේ පදවිය පොලිස් වසමේ 01 කණුව ප්‍රදේශයේදී පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්…

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. (27)වැනිදා  සවස් කාලයේ පදවිය පොලිස් වසමේ 01 කණුව ප්‍රදේශයේදී පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කාර් රථයක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

එහිදී වෙඩිබෙහෙත් කිලෝග්‍රෑම් 75ක්, ජෙලට්නයිට් කූරූ 90ක්, ඩෙටනේටර් කූරූ 300ක් හා සේවා නූල් 05ක් සොයාගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 හා 30 වයස්වල පසුවන හිදෝගම හා මාපාලඩිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් ගමන් කළ කාර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

[කුමාරි පතිරාජ] 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට | Lanka Newsweek