පුද්ගලික අරවුල්වලටත් ජනපති-අගමැති වග කිව යුතු නම් පොලීසිය කුමකටද?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) මහනුවර තෙල්දෙණිය දිගන ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කිරීම තරයේ හෙළා දකින්නේ යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක සහ කොළඹ…
(සුජිත් මංගල ද සිල්වා)
මහනුවර තෙල්දෙණිය දිගන ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කිරීම තරයේ හෙළා දකින්නේ යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියි. නීතිය සහ සාමය ආරක්ෂා කිරීම පොලිසියේ වගකීමක් යැයි ද ඒ අනුව මුල් අවස්ථාවේදීම මේ සිද්ධිය පාලනය කිරීමට පොලීසිය ක්‍රියාත්මක විය යුතුව තිබුණු බවද රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය. ජාතීන් අතර මේ වගේ ප්‍රශ්න ඇති වුණාම පොලීසිය ක්ෂණිකව ක්‍රියාත්මක වී කටයුතු කළ යුතු යැයි ද නීතිය ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම පොලිසියේ වගකීමක් වන අතර එසේ ක්‍රියා කිරීමට නොහැකි නම් ඒ අය ගෙදර යා යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේය. රවී කරුණානායක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) පෙරවරුවේ කොළඹ, මෝදර ශාන්ත ජේම්ස් ප්‍රාථමික විද්‍යාලයේ, පාසල් දරු දැරියන් සඳහා සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ක්‍රීඩා උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. මෙවැනි අවස්ථාවක ජනතාව අතර සමගිය තහවුරු කිරීමට ජනමාධ්‍යවල කාර්යභාරය ඉතා වැදගත් බව පෙන්වා දුන් රවී කරුණානායක මහතා සිංහල ,මුස්ලිම්,දෙමළ ජනතාව අතර උතුරු කොළඹ පවතින සහජීවනය සෙසු පළාත්වල ජනතාව ආදර්ශයට ගත යුතු යැයිද අවධාරණය කළේය.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1