අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්..!

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්..!

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අන්ජන සඳරුවන් මහතා අද (17) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ වන අතර නඩු විභාගය අවසන් වන තුරු එලෙස…

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අන්ජන සඳරුවන් මහතා අද (17)  රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ වන අතර   නඩු විභාගය අවසන් වන තුරු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණය  නියෝග කර ඇත.

2010 වසරේ ජනවාරි මස 16 වනදා මදුරන්කුලමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ මෙම සභාපතිවරයාට එරෙහිව පුත්තලම මහාධිකරණය හමුවේ නඩුවක් විභාග වන අතර එහි ඇප කොන්දේසියක් ලෙස විදේස්ගත වීම තහනම් කර කළින් නියෝග නිකුත් කර තිබිණ.

 නමුත් එම ඇප කොන්දේසි කඩකරමින් පසුගිය 9 වන දා සභාපතිවරයා විදෙස්ගත වීමට උත්සාහ කර ඇති අතර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහිදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව සැකකරු  පුත්තලම මහාධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී  ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ විනිසුරු ඒ.කේ.එම්. පටබැදිගේ මහතා නියෝගය කළේ ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්..! | Lanka Newsweek