පුටින් රුසියානු පාබල හමුදාව තවත් විශාල කරයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රුසියානු පාබල හමුදාව තවත් විශාල කිරීමට ජනාධිපති ව්ලැදිමිර් පුටින් තීරණය කර ඇත. ඊට අදාළ නව පනතකට ඔහු ඊයේ අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති පුටින් මේ තීරණය ගෙන ඇත්තේ,රට තුළ සේවයේ…
රුසියානු පාබල හමුදාව තවත් විශාල කිරීමට ජනාධිපති ව්ලැදිමිර් පුටින් තීරණය කර ඇත. ඊට අදාළ නව පනතකට ඔහු ඊයේ අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති පුටින් මේ තීරණය ගෙන ඇත්තේ,රට තුළ සේවයේ නිරතව සිටිය යුතු අවම පාබල භටයන් සංඛ්‍යාව 137,000කින් ඉහළ නැංවීමටය.
ඒ අනුව ඉදිරියේ දී රුසියාවේ සක්‍රීය අවම හමුදා භට සංඛ්‍යාව ලක්ෂ 15ක් වන බව වාර්තාවේ.
රුසියාවේ සම්පූර්ණ හමුදා භටයින් සංඛ්‍යාව මේ අනුව විසිලක්ෂය ඉක්මවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1