පුංචි ඡන්දයට බිය ජනපති ජනපතිවරණයක් ගැන නන්දොඩවනවා

ඕනෑම මැතිවරණයකට සජබය සූදානම් මැතිවරණවලට බිය සජබය නොව ජනපති ප්‍රධාන ආණ්ඩුවයි ජනාධිපතිවරණයක් පවත් වන බවට විවිධ ආරංචිය පතුරවමින් ජනාධිපතිවරයා ජනතාගේ අදහස් සොයා බලන්නේ යැයි ද ස්වාධින අපේක්ෂකයන් කවුරුන්ද,…
ඕනෑම මැතිවරණයකට සජබය සූදානම්
මැතිවරණවලට බිය සජබය නොව ජනපති ප්‍රධාන ආණ්ඩුවයි
ජනාධිපතිවරණයක් පවත් වන බවට විවිධ ආරංචිය පතුරවමින් ජනාධිපතිවරයා ජනතාගේ අදහස් සොයා බලන්නේ යැයි ද ස්වාධින අපේක්ෂකයන් කවුරුන්ද, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් කවුරුන්ද කියා ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විට පටලැවි ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
පළාත් පාලන මැතිවරණය හෝ පවත් වන්න කොන්දක් නොමැති ජනාධිපතිවරයා ප්‍රධාන මේ ආණ්ඩුව මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ ගැන පුරසාරම් දොඩන්නේ යැයි පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරකින ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය සේම ජනතාව ද මුහුණ දීමට සූදානම් යැයි ද කියා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහනේ 69 වැනි අදියර යටතේ අනුරාධපුර ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩ සටහනකට එක්වෙමිනි.
දැන්වීම
ඖෂධ වංචා කළ වියට්නාම සුව ඇමති දඟගෙට ශ්‍රී ලංකාවේ සුව ඇමතිට සැප පුටු
කම්බ හොරු කණ්ඩායමක් රජයේ ඇමතිවරු සහ නිලධාරීන් සමඟ එකතු වී හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් ඇතුළු ඖෂධ රැසකින් ගසා කා ඇති බවත් හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් යන ඖෂධය වෙනුවට වතුර කවලම් කර ඇති බවත් ආණ්ඩුවේ ඇමතිවරුන් ජනාධිපතිවරයාගේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ පෙනි පෙනී හොරකම් සිදු කරන විට පවා ජනාධිපතිවරයා එම ඇමතිවරුන් එලවා නොදමා ඔවුන්ව ආරක්ෂා කිරිමට කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
විපක්ෂය විසින් ඖෂධ වංචා සිදු කළ සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 113ක් යොදවා ගෙන ඔහුව ආරක්ෂා කළත් කොවිඩ් පරීක්ෂණ කට්ටල ඉහළ මිලකට ලබා ගනිමින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 22ක හොරකමක් සිදු කළ වියට්නාමයේ සෞඛ්‍ය ඇමතිවරයා වසර දහ අටකට ද, ඇමති සමඟ හොරකමේ නිරත වූ ව්‍යාපාරිකයා වසර විසි නවයකට ද මීට දින කිහිපයකට පෙර සිර ගත කළ බවත් වියට්නාමයේ එසේ වන විට ජනාධිපතිවරයාගේ සිට රාජපක්ෂ පොහොට්ටු කණ්ඩායමේ අතකොලුවන් ටික දූෂිත සෞඛ්‍ය ඇමතිවරයාව රකින්න මෙරට දී අත ඉස්සු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වියට්නාමය ශ්‍රී ලංකාව වගේ බංකොලොත් නොව ශීඝ්‍රයෙන් දියුණු වන රටක් බවත් එම දියුණු වන රටේ පවා හොරකමට දඩුවම් ලබා දෙන විට බංකොලොත් රටේ ජනතාවට විශාල බදු බරක් පටවා මහා පරිමාණයෙන් හොරකම් සහ ජාවාරම් සිදු කර බවත් මේ රට විනාශ කළ බංකොලොත් කළ හොරු අල්ලා ඔවුන් හොරා කන ලද සම්පත් මෙරට අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ කෘෂිකර්මාන්තයට යෙදවීම සමගි ජන බලවේගයේ මුලික අරමුණ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
අපි "File" පෙන්වා සංදර්ශන තිබ්බේ නෑ
සමගි ජන බලවේගයට කිසිදු අවස්ථාවක ෆයිල් පෙන්වා සංදර්ශන ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බවත් විපක්ෂයේ සිටම රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා සමගි ජන බලවේගය අධිකරණ හමුවේ අනාවරණය කළ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
පාසල්වල වතුර කැපුවට ජනපතිගේ රට සවාරි නම් අඩුවක් නැහැ
"VAT" බදු 18% දක්වා වැඩි කර ජනාධිපති රට සවාරි යනවා සේම මිලියන 250ක් වැය කර රතු මුහුද ආරක්ෂා කරන්න නාවික හමුදාව යැවීමට රජය කටයුතු කළත් පාසල්වල වතුර බිලවත් ගෙවා ගත නොහැකි වී ඇති බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා වියට්නාමය දඩුවම් දුන්නා සේ සමගි ජන බලවේග රජයක් යටතේ විවෘත අපක්ෂපාතී අධිකරණ පද්ධතියක් හරහා හොරු අල්ලා දඩුවම් ලබා දෙන බවත් සඳහන් කළේය.
අපි ගාව කොමිස් ගැහිලි නෑ
කොමිස්වලින් තොරව අවංකව සහ පිරිසුදුව ජනතාවට සේවය කිරීමට හැකියාව තමාට ලැබී ඇති බවත් ඒ සඳහා විශාල පරිත්‍යාගශීලීන් පිරිසක් තමා වටා එක්වී ඇති බවත් මෙහි දී කිසිදු මුදලක් තමාට නොලැබෙන බවත් තමාට ලැබෙන්නේ අදාළ උපකරණ පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එම නිසා සමගි ජනබලවේග රජයක් යටතේ සෑම මුදල් ගණුදෙනුවක්ම ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන බවත් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීම් සිදු නොකර අදාළ තොරතුරු වෙත ප්‍රවේශ වීමට වැඩ පිළිවෙළක් සකස් කරන බවත් සෑම ප්‍රසම්පාදන ව්‍යාපෘතියකටම සර්වපාක්ෂික අනුමැතියක් ලැබෙන වැඩ පිළිවෙළක් සකස් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 69ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 666ක් වැය කර තිබේ.
