“පුංචි ආණ්ඩුව පිහිටුවන්නේ පොහොට්ටුවයි”

(ජයකාන්ත ලියනගේ) පළාත් පාලන මැතිවරණයේදී 51% ක වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගෙන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ තනිවම පුංච් ආණ්ඩුව පිහිටු වනවා යැයි ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක සහ ගම්පහ දිස්ත‍්‍රික්…
(ජයකාන්ත ලියනගේ)
පළාත් පාලන මැතිවරණයේදී 51% ක වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගෙන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ තනිවම පුංච් ආණ්ඩුව පිහිටු වනවා යැයි ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක සහ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ගාල්ල,බළපිටිය ප‍්‍රාදේශීය සභාව සදහා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා මෝදර වත්තේ පැවති ජන හමුවක් අමතමි වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීය
දැන්වීම
ජේ ආර් ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස, ඞී බී විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග යන ජනාධිපතිවරුන්ට යුද්ධය අවසන් කරන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ මහත්තය ජනාධිපති වෙලා වසර හතර ක් යන විට වෙළුපිලේ ප‍්‍රභාකරන මිනී මරුවා ඝාතනය කරල රට බේරගත්තා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ආප්ප කාලා ගිහින් එක්සත් ජාතික පක්ෂය සමග එක්ක එකතු වෙලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා පරාදය කළා. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්වන විටයි ඒකේ බරපතලකම තේරුණේ. ඒ දවස්වල ජනතාව ගෙවල්වල බත් ඉව්වේ නැහැ. හැමෝම වගේ ඇඩුවා. බලයේ සිටි මහන්ද රාජපක්ෂට වඩා පරාදයට පත් වූ මහින්ද රාජපක්ෂ බලවත් කියල අප තේරුම් ගත්තේ එදායි. එතුමා විශ‍්‍රාම ගනීවි කියල ඇතැම් අය හිතන විට එතුමා නැවතත් රටේ නායකයා කරන්න පුළුවන් කියල හිතපු ජනතාව එතුමා වටේ එකතු වුණා.
මේ පළාත් පාලන මැතිවරණය ජාතික මැතිවරණයක් හා සමානයි. මේ මැතිවරණයේ ප‍්‍රතිඵල, ඉදිරි පළාත් සභා මැතිවරණයට බලපානවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති සටන ආරම්භ කරන්නේ මේ මැතිවරණයෙන් බහුතර පළාත් පාලන ආයතන ප‍්‍රමාණයක් පොහොට්ටුව දිනුවොත් විතරයි.
මේ මැතිවරණයේදී 51% ක ඉක්මවූ වැඩි ඡන්ද බලයක් පොහොට්ටුව දිනා ගන්නවා. ඒ නිසා ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණ තනිවම මහා නගර සභා,නගර සභා සහ ප‍්‍රාදේශිය සභා පිහිටුවනවා මිස හවුලේ සභාවල බලය ගන්නේ නැහැ.
ජනාධිපතිවරණයේදී රජයේ සේවකයෝ යතුරු පඩි නොමිලයේ ගැනීමට සහ වැටුපට රුපියල් 10,000/- ක් එකතු කර ගන්න හංසයට ඡන්දය දුන්නා. නමුත් රාජ්‍ය සේවය අද ස්වභාවික මරණයක් දක්වා ගමන් කරමින් සිිටිනවා. සියලු රාජ්‍ය ආයතන විකුණන් කනවා.
හම්බන්තොට වරාය වික්කේ මහින්ද රාජපක්ෂ මහත්තය ගත්ත ණය ගෙවන්න කියලයි. ඒ ණය සතයක්වත් ගෙව්වද? යුද්ධ නැවක් ගන්න හදනවලූ. සිංහල සාහිත්‍යයට එකතු වන අලුත්ම ප‍්‍රස්ථා පිරුළ, ‘‘වරායක් විකුණල යුද්ධ නැවක් ගත්තා වගේ’’ කියන එකයි. රටේ ජනාධිපති, ගොවි රජෙක්ලූ. නමුත් හාල්, පොල් ටික ගෙන එන්නේ පිට රටින්.