පීඩාකාරී නායකත්වයෙන් රට මුදවා ගෙන නව නායකයෙකු පත් කර ගත යුතුයි

රට ප්‍රපාතයටම වැටිලා-මිනිස්සු කුස ගින්නේ එසේ තිබිය දී පාලකයින් මේ සමරන්නේ කවුරුන්ගේ නිදහස ද..? අග රදගුරු දුම්මල වරම අතට ගනී දේශපාලන, ආර්ථික සහ සමාජීය වශයෙන් රට ප්‍රපාතයට ඇද වැටී ඇතැයි ද, පීඩාකාරී…
රට ප්‍රපාතයටම වැටිලා-මිනිස්සු කුස ගින්නේ
එසේ තිබිය දී පාලකයින් මේ සමරන්නේ කවුරුන්ගේ නිදහස ද..?
අග රදගුරු දුම්මල වරම අතට ගනී
දේශපාලන, ආර්ථික සහ සමාජීය වශයෙන් රට ප්‍රපාතයට ඇද වැටී ඇතැයි ද, පීඩාකාරී නායකත්වයෙන් රට-ජනතාව මුදවා ගෙන රට ගොඩනැගිය හැකි නව නායකයෙක් රටට තෝරා පත් කර ගත යුතු යැයි ද අග රදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ අවධාරණය කර සිටිති.
අග රදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ මේ බව අවධාරණය කර සිටියේ, ජාතික නිදහස් දිනය වෙනුවෙන් කොළඹ පුංචි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ ඉරිදා (04) පැවති විශේෂ දේව මෙහෙයට එක් වෙමිනි.
දේශපාලන සහ ආර්ථිකමය වශයෙන් රට ප්‍රපාතයට ඇද වැටී ජනතාව අන්ත අසරණ වී සිටින මේ මොහොතේ මේ සමරන්නේ කිනම් අයෙකුගේ නිදහස දැයි දේශපාලන නායකයින්ගෙන් ප්‍රශ්න කර සිටින බව ද මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ.
දැන්වීම
මේ සමරන්නේ පාලකයන්ගේ නිදහසද නැති නම් ජනතාවගේ නිදහස දැයි ප්‍රශ්න කළ අග රදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ විදේශ නියෝජිතයින් රටට ගෙන්වා රටේ ප්‍රභූවරුන් ඉදිරියේ කුස ගින්නේ සිටින ජනතාව හෑල්ලු කිරීම සැබෑ නිදහසදැයි විමසා සිටියහ.
"සුන්දර අපේ මව්බිම අවාසනාවන්තයි. පීඩාකාරි පාලන පැලැන්තියෙන් රට මුදා ගත යුතුයි. නිවැරදි නායකයෙක් රටට පත් කර ගත යුතුයි" යනුවෙන් ද අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ එහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.