“පිස්තෝලය ඉනේ ගහන් මල් වට්ටි අරන් පන්සල් යන දේශපාලනය අපේ නැහැ...”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

ජනාධිපතිවරණයට එජාපය සුදානම්..! (සුජිත් මංගල ද සිල්වා) පිස්තෝලය ඉනේ ගහ ගෙන මල් වට්ටි අරන් පන්සල් යන දේශපාලනය එක්සත් ජාතික පක්ෂය කරන්නේ නැතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේය. 2019 අවසානයේ…
ජනාධිපතිවරණයට එජාපය සුදානම්..!
(සුජිත් මංගල ද සිල්වා)
පිස්තෝලය ඉනේ ගහ ගෙන මල් වට්ටි අරන් පන්සල් යන දේශපාලනය එක්සත් ජාතික පක්ෂය කරන්නේ නැතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේය.
2019 අවසානයේ පැවැත්වෙන හදිසි ජනාධිපතිවරණයට වගේම ඊට පෙර පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට ද එක්සත් ජාතික පක්ෂය සුදානම් යැයි ද හෙතෙම කියා සිටියේය.
ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී පැවති දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය.
යහ පාලන රජය යටතේ අපේ රට අද අලුත් මාර්ගයක ගමන් කරනවා. ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පැහැදිලා. ම්ලේච්ඡ තත්ත්වයේ තිබූ රටක් යහ මගට ගැනීම සම්බන්ධයෙන් අද ජාත්‍යන්තරය අපේ රට ආදර්ශයට ගෙන තිබෙනවා. පසුගිය රජය සමයේ සිදුවූ බොහෝ නීතිවිරෝධී ක‍්‍රියා පසු පස රජය හිටියා. නමුත් යහ පාලන රජය නීතිවිරෝධී ක‍්‍රියා පසු පස නැහැ. ශීලාචාර රටක් බිහි කරන අත්තිවාරම අද දමා තිබෙනවා. නීතිය සියල්ලන්ට සමානයි. අද මැති ඇමතිවරුන්ට පවා නීතිය එකසේ ක‍්‍රියාත්මක කරනවා.
සමහරු මල් වට්ටි ගෙන පන්සල් යනවා. ගෙදර ගිහින් මිනිස්සුන්ට පිස්තෝල දෙනවා. නමුත් යහ පාලන රජය බෞද්ධ ප‍්‍රතිපත්ති අනුව කටයුතු කරමින් ශීලාචාර රටක් බිහි කිරීමේ අරමුණින් කටයුතු කරනවා. බුදු දහමට අනුව ආමිෂ පූජා සහ ප‍්‍රතිපත්ති පූජා වගේම බුද්ධාගම පෝෂණය කරන්න බෞද්ධ ප‍්‍රතිපත්තිත් අනුගමනය කරන්න ඕනේ.
මේ රජය එවැනි අංග සම්පූර්ණ ආණ්ඩුවක් වීම ගැන මම ආඩම්බර වෙනවා. වසර තුනක් ඇතුළත සිදු කළ මේ වෙනස අනාගතයට රැගෙන ගියොත් අපි බලාපොරොත්තු වන ආර්ථික සමෘද්ධිය අපට වගේම අපේ රටේ දරුවන්ටත් ලබා දීමට හැකි වෙනවා.
වසර 150 ක් වතු කම්කරුවන් අපේ රටේ ආර්ථිකය වෙනුවෙන් ජීවිත කැප කළාට බොහෝ රජයන් ඔවුන්ගේ ජිවන ගැටලු අමතක කළා .ඔවුන්ගේ ජීවත්වීමේ අයිතියට ගරු කරමින් පුරවැසිභාවය වගේම ඉඩම් අයිතියත් පිළිගත්ත ඉතිහාසේ පළමු පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි .වෙනත් බොහෝ පක්ෂ කළේ වතුවලට ඇවිත් ජන්දය අරන් යන්න ගිය එකයි .
2019 වසර අවසන් වන්නට පෙර ජනාධිපතිවරණයක් එනවා.ඊට කලින් පළාත් සභා මැතිවරණය එනවා. ඒ ඕනෑම මැතිවරණයකටම මුහුණ දෙන්න එක්සත් ජාතික පක්ෂයේ අපි සුදානම් .අපි මැතිවරණ වලින් පැනල යන්නේ නෑ .
මේ වන වන විට පවතින මැතිවරණ ක‍්‍රමය ගැන ආරවුලක් තියෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ පවතින සීමා නීර්ණය කිරීමේ ක‍්‍රමයට විරුද්ධ වුණා .ඒ නිසා ඒකට විසදුමක් සොයන්න අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා කටයුතු කරනවා.පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ මතයට සියලු දෙනා ගරු කළ යුතුයි.සම්මත වන මැතිවරණ ක‍්‍රමය සියලු දෙනාගේ කැමැත්ත සහිත එකක් විය යුතුය .
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2