අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පියයුරු පිළිකාවේ ‘මරු නිලය’ සොයා ගනියි

පියයුරු පිළිකාවේ ‘මරු නිලය’ සොයා ගනියි

වයස අවුරුදු හයක දැරියකට පියයුරු පිළිකා සැත්කමක් කළ බව පසුගියදා මාධ්‍ය වාර්තා කළේ අප සියලු දෙනා තුලම දැඩි තැතිගැන්මක් ඇති කිරමින් . ඔබ තුල ඇති වන තැතිගැන්ම සාධාරණයි . එයට හේතුව තමයි මේ වන විට ලංකාවේ…

වයස  අවුරුදු හයක දැරියකට පියයුරු පිළිකා සැත්කමක් කළ බව පසුගියදා මාධ්‍ය වාර්තා කළේ අප  සියලු දෙනා තුලම දැඩි තැතිගැන්මක් ඇති කිරමින් .

 ඔබ තුල ඇති වන තැතිගැන්ම සාධාරණයි . එයට හේතුව තමයි මේ වන විට ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන පිළිකා අතර මුල් ස්ථානයට පියයුරු පිළිකාව පත් වෙලා අවසන්. ඒ කියන්නේ ලොකු- කුඩා සියලූම කාන්තාවන් පියයුරු පිළිකා මාරයා හමුවේ ය දා මාද්‍ය වාර්තා කළේ අප සියු දෙනා තුලම දැඩි තැතිගැන්මක් ඇති කරමින්. අසරණ භාවයට පත්වෙලා අවසන්.

 ලංකාවේ තත්ත්වය මේ ආකාරයෙන් අවදානම් ස්ථානයක් කරා ගමන් කරද්දී පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අපට සැනසුම් සුසුමක් හෙළිය හැකි පුවතක්. ඒ පියයුරු පිළිකාවේ රහස් රැසක් අනාවරණය කරගැනීමට පර්යේෂකයන්ට හැකියාව ලැබුණු බවයි. මෙම අධ්‍යයනය සිදු කළේ ‘සුරිච් සරසවියේ’ පර්යේෂකයන් පිරිසක් විසිනුයි.

දැන්වීම

පියයුරු පිළිකාවේ ‘මරු නිලය’ සොයා ගනියිපිළිකාව මාරාන්තික රෝගයක් වශයෙන් සැලකෙන රෝගයක්. ඒත් වෛද්‍යවරුන් කියන ආකාරයට මුල් අවස්ථාවේ දී පිළිකාව හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණොත් එය මර්දනය කළ හැකියි. ඒත් ප‍්‍රශ්නය වන්නේ අපි බොහෝ දෙනෙක් පිළිකාවක් වැළඳී ඇති බව හඳුනා ගන්නේ එය සිරුර පුරා ව්‍යාප්ත වූ පසුවයි. ‘අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා ප‍්‍රයෝජනයක් නැහැ’ වගේ පිළිකාව සිරුර පුරා ව්‍යාප්ත වූ විට කළ හැකි දේ බොහෝම අල්පයි. පියයුරු පිළිකාවේ ‘මරු නිලය’ සොයා ගනියි

පිළිකාවක දැකිය හැකි විශේෂ ලක්ෂණය තමයි එය මිනිස් සිරුරේ  ඕනෑම ස්ථානයක හට ගැනීමට ඇති හැකියාව. අපි සාමාන්‍යයෙන් කරන්නේ මිනිස් සිරුරේ පිළිකාව හට ගන්නා ස්ථානය අනුව එය නම් කිරීමයි. ‘මුඛ පිළිකා, පියයුරු පිළිකා, ගැබ්ගෙළ පිළිකා, වශයෙන් නාමකරණය වෙන්නේ මෙන්න මේ තත්ත්වය. මිනිස් සිරුරේ ‘පටකයක’ පවතින ‘ෙසෙලයක්’ යම්කිසි හේතුවක් නිසා විකෘතියකට ලක් වූ පසු එය ශීඝ‍්‍රයෙන් මිනිස් සිරුර පුරා ව්‍යාප්ත වීම පිළිකාවක දැකිය හැකි සාමාන්‍ය ස්වභාවය වශයෙන් සැලකිය හැකියි. එය සිදුවන්නේ විකෘතියට ලක් වූ ස්ථානයෙන් ගැලවී යන සමහර ෙසෙල මිනිස් සිරුරේ වෙනත් ස්ථානයකට සංක‍්‍රමණය වී එහි පටකවල ද පිළිකාව වර්ධනය කිරීමයි. පිළිකාව ‘ද්වීතික අවස්ථාව’ වශයෙන් සැලකෙන්නේ මෙම අවස්ථාවයි. අතිබහුතරයක් පිළිකා රෝගීන් ප‍්‍රතිකාර සඳහා ද යොමු වන්නේ මෙම අවස්ථාවේදී යි.

පියයුරු පිළිකාව

පියයුරු පිළිකාව සාමාන්‍යයෙන් කාන්තාවන්ට වැළදෙන එකක් වශයෙනුයි සැලකෙන්නේ. ඒත් ඉඳහිට පිරිමින්ට ද පියයුරු පිළිකාව වැළඳෙන බව හඳුනා ගෙන තිබෙනවා.

පියයුරු පිළිකාවලට ප‍්‍රතිකාර කිරීමේ දී බොහෝ විට සිදුවන්නේ පිළිකා ආසාදිත පියයුර හෝ පියයුරු සැත්කමක් මඟින් කපා ඉවත් කිරීමයි. එහෙත් පසුගිය කාලය පුරා වෛද්‍යවරුන් හඳුනාගත් දෙයක් තමයි මේ ආකාරයෙන් පියයුරු කපා ඉවත් කළ කාන්තාවන්ට යළිත් පියයුරු පිළිකා වැළඳීම. මේ සඳහා වන හේතු සොයන්න ලෝකයේ විවිධ රටවල පර්යේෂකයන් පසුගිය කාලය පුරා පර්යේෂණ රැසක් සිදු කළා. එහිදී ඔවුන් හඳුනාගත් දෙයක් තමයි පියයුරු පිළිකා තත්ත්වයක දී අසාධිත පියයුර හෝ පියයුරු ඉවත් කළ පසුව ද නැවත එය හට ගැනීමට ඉඩ තිබෙන බව.

HER- 2 ප්‍රෝටීනය

සෑම පුද්ගලයෙකුගේම ෙසෙලවල ඉහත සඳහන් HER- 2 ප්‍රෝටීනය තිබෙනවා. ඒවා තිබෙන්නේ පිළිකා කාරක ෙසෙලවල පෘෂ්ඨයේ බවයි වෛද්‍යවරු කියන්නේ. පිළිකාවේ අසාමාන්‍යවර්ධනයට බලපාන්නේ මෙම HER- 2 ප්‍රෝටීනය බවයි වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පියයුරු පිළිකාවේ ‘මරු නිලය’ සොයා ගනියිපියයුරු පිළිකාව සහ මෙම HER- 2 ප්‍රෝටීනය අතර පවතින සම්බන්ධතාව ඉතා වැදගත්. පර්යේෂකයන් කියන ආකාරයට        පියයුරු හා අමාශයික පිළිකාවලට ගොදුරු වන පුද්ගලයන් 1/5 ක් තුළ මෙම ප්‍රෝටීනය අසාමාන්‍ය ලෙස ඉහළ අගයක් දැකිය හැකියි. වෛද්‍යවරුන් එවැනි පුද්ගලයන් හඳුන්වන්නේ HER- 2 පුද්ගලයන්’ වශයෙනුයි.

පියයුරු පිළිකාව අතර සම්බන්ධය

සැත්කමක් මඟින් ඉවත් කළ පියයුරු පිළිකාව ඉවත් කළ පසු යළිත් එකී කාන්තාවන් පියයුරු පිළිකා සඳහා ගොදුරු වන්නේ කුමන හේතුවක් නිසා ද යන්න පර්යේෂකයන් සොයා බැලූවා. එහිදී ඔවුන්ට පෙනී ගියේ පියයුරු පිළිකාවක් සඳහා සැත්කමක් කළපසු යළි ඊට ගොදුරු වන කාන්තාවන් අතර HER- 2 ප්‍රෝටීනය බහුල වශයෙන් පවතින බවයි.

සුරිච් සරසවියේ පර්යේෂකයන් මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර සොයා බැලීම්වල දී අනාවරණය කරගත්තේ අප විස්මයට පත් කරන කරුණක්.

පියයුරු පිළිකාවට ප‍්‍රතිකාර කිරීමේ දී විවිධ ඖෂධ යොදා ගත්තත් බහුල වශයෙන් යොදා ගන්නේ Herceptin (ඖෂධීය නාමය Trastuzumab) සහ Perjeta (ඖෂධීය නාමය Pertuzumab) ද්විත්වයයි. මෙම ඖෂධ පිළිකා මත කි‍්‍රයා කර ඒවා අඩපණ කළත් පිළිකා ෙසෙල විනාශ කරන්නේ නැහැ. මෙය යම් ආකාරයකට අභියෝගාත්මක තත්ත්වයක්. ඊට හේතුව වන්නේ යළි කුමන අවස්ථාවක හෝ පිළිකා ෙසෙල කි‍්‍රයාත්මක විය හැකියි. සරලව පැහැදිලි කළ හොත් පියයුරු පිළිකාව සුව වී ඇතැ යි සිතා සිටින කාන්තාවන් වසර කිහිපයකින් හෝ කෙටි කලකින් යළිත් පියයුරු පිළිකාවට ගොදුරු විය හැකියි.

  පියයුරු පිළිකාවේ ‘මරු නිලය’ සොයා ගනියිසුරිච් සරසවියේ පර්යේෂකයන් අවධානය යොමු කළේ මෙම කරුණ ගැනයි. ඔවුන් එහිදී සොයා බැලූවේ ඉහත සඳහන් කළ ඖෂධ මඟින් පිළිකා ෙසෙල අඩපණ කිරීම පමණක් කරන්නේ කුමන හේතුවක් නිසා ද යන්නයි. එහි දී පර්යේෂකයන් ඉතා වැදගත් කරුණක් සොයා ගත්තා. ඒ යම් ෙසෙලයක් වර්ධනය විය යුතු බව හා බෙදිය යුතු බව එකී ෙසෙලයට දැන්වීමේ මාර්ග දෙකක් ්‍යෑඍ- 2 ප්‍රෝටීනය සතුව පවතින බවත්, එය සිදුවන්නේ එකම මොහොතක දී බවයි. වර්තමානයේ පිළිකා සඳහා භාවිත කරන ඖෂධ මඟින් මෙම කි‍්‍රයාවලියේ එක අංශයක් අඩපණ කිරීම පමණයි සිදුවන්නේ.

අභියෝගය හඳුනාගැනීම

පිළිකාවලට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව මෙයයි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ HER-2 ප්‍රෝටීනය සතු මෙම සුවිශේෂ හැකියාව (වර්ධනය හා බෙදීම දැනුම් දීම) සම්පූර්ණයෙන්ම නතර කිරීමේ හැකියාවක් ඖෂධවලට පවතින බවයි. එවැනි තත්ත්වයක් තුළ දී ෙසෙලය වර්ධනය හෝ බෙදීම යන ද්විත්වයම සිදු නොවන නිසා පිළිකා ෙසෙල මිය යාම අනිවාර්ය බව පර්යේෂකයන් විශ්වාස කරනවා. එහෙත් මෙය අභියෝගාත්මක කාර්යයක්. ඒ සාමාන්‍ය ෙසෙලවලට කිසිඳු ආකාරයක හානියක් සිදු නොවී පිළිකා ෙසෙලවලට එරෙහිව පමණක් ඖෂධ යොදා ගැනීමයි.

මේ සම්බන්ධයෙන් අදහසක් මෙම පර්යේෂණය සිදු කළ සුරිච් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය ‘ඇන්ඞ්‍්‍රවේස් ප්ලූක්තුම් Dr. Andreas Plectrum සතුව තිබෙනවා. ‘‘දැන් අපි HER- 2 පිළිකා ෙසෙලවල මරු නිලය අල්ලා ගෙන තිබෙනවා. ඉදිරි කාලයේ දී පියයුරු පිළිකා වැනි පිළිකාවලට ප‍්‍රතිකාර කිරීම පිණිස නව ප‍්‍රවේශයක් අපට සොයාගත හැකියි’’ මහාචාර්යවරයාගේ ප‍්‍රකාශය අප සියලූ දෙනාටම මහත් අස්වැසිල්ලක් වන බව සහතිකයි. වසර දස දහස් ගණනක් පුරා මිනිසාට මරණය හා වේදනාව උරුම කරදුන් පිළිකාවට අප තිත තැබිය යුතුමයි.

(තුසල් විතානගේ)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
පියයුරු පිළිකාවේ ‘මරු නිලය’ සොයා ගනියි | Lanka Newsweek