අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පැය 12ක ජල කප්පාදුවක්

පැය 12ක ජල කප්පාදුවක්

වාද්දුව ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පුරා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මෙ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය,…

වාද්දුව ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පුරා  පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මෙ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, උතුරු සහ දකුණු කළුතර, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම දර්ගානගරය සහ බෙන්තොට ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ලැබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලි බල සැපයුම අත්හිටුවීම හේතුවෙන්  මෙලෙස ජල   සැපයුම අත් හිටුවීමට සිදු වූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න