අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“පැන්ෂන් විකී”ගේ දුවට දක්ෂිණ සංවර්ධනයේ වාහනයක් එක්ක රියදුරෙක්..!

“පැන්ෂන් විකී”ගේ දුවට දක්ෂිණ සංවර්ධනයේ වාහනයක් එක්ක රියදුරෙක්..!

පුතාගේ වැඩවලට තවත් වාහනයක් යොදවලා..! සොහොයුරාට දෙවැනි වතාවටත් සේවා දිගුවක්..! යහ පාලන තිරයෙන් වැසුනු අව පාලන වැඩ මෙන්න..! (සුමාලි රත්නායක) අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ…

පුතාගේ වැඩවලට තවත් වාහනයක් යොදවලා..!

සොහොයුරාට දෙවැනි වතාවටත් සේවා දිගුවක්..!

යහ පාලන තිරයෙන් වැසුනු අව පාලන වැඩ මෙන්න..!

“පැන්ෂන් විකී”ගේ දුවට දක්ෂිණ සංවර්ධනයේ වාහනයක් එක්ක රියදුරෙක්..!

(සුමාලි රත්නායක)

අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ දියණියගේ පෞද්ගලික පරිහරණය වෙනුවෙන් දක්ෂිණ සංවර්ධන අධිකාරිය සතු වාහනයක් රියදුරකු ද සමග යොදවා තිබේ.

හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ දියණිය පදිංචිව සිටින්නේ ගම්පහ,ගනේමුල්ලේ වන අතර අදාළ රියදුරාට පවරා තිබෙන රාජකාරිය වන්නේ ඔහුගේ දුව,බෑනා සහ මුනුපුරු මිනිපිරියන් ගමන් බිමන් රැගෙන යාම සහ ඒම ය.

ඊට අමතරව හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා රජයේ තවත් කාර් රථයක් රියදුරකු ද සමග සිය පුත්‍රයාගේ පරිහරණයට යොදවා ඇති අතර ඔහු පාව්ච්චි කරන්නේ අති සුඛෝපභෝගී ජීප් රියකි.

හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සිය දු දරුවන්ගේ සහ මුනුපුරු මිනිපිරියන්ගේ පෞද්ගලික පරිහරණයට අයථා ලෙස රජයේ වාහන මෙසේ නිදහස් කර ගෙන තිබෙන්නේ “UNP HAPPY FAMILY”යේ ප්‍රබලයකු වන අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී,තරුණ කටයුතු,ව්‍යපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මාර්ගයෙනි.

මේ අතර හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ ප්‍රධානී තනතුර සිය පවුලෙන් ගිළිහී යාම වළක්වා ගැනීම සඳහා සාගල රත්නායක මහතා අල්ලා ගෙන බලය පාවිච්චි කරමින් සම්ප්‍රදායට සහ සදාචාරයට විරුද්ධව එම තනතුරේ කටයුතු කරමින් සිටින සිය සොයුරා වන නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ මහතාට දෙවැනි වතාවටත් සේවා දිගුවක් ලබාදී තිබේ.

ඔහුගේ මේ ක්‍රියා කලාපය නිසා අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය මහල්ලන්ගෙන්,එහෙයියන්ගෙන්,පන්දම්කාරයින්ගෙන් සහ ගතු කියන්නන්ගෙන් පිරී ගොස් තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීප ආරක්ෂක නිලධාරියෙක් “lankanewsweek” සමග පැවසීය.  

“පැන්ෂන් විකී”ගේ දුවට දක්ෂිණ සංවර්ධනයේ වාහනයක් එක්ක රියදුරෙක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“පැන්ෂන් විකී”ගේ දුවට දක්ෂිණ සංවර්ධනයේ වාහනයක් එක්ක රියදුරෙක්..! | Lanka Newsweek