පාසැල් වැසීමේ නිර්ණායක නිකුත් කරයි

01 එක් ශ්‍රේණියක සිසුන් දස දෙනෙකුට වඩා අඩු වීම හෝ සමස්ත පාසලේම සිසුන් පනස් දෙනෙකුට වඩා අඩු වීම. 02 එම පාසල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර පහක් ඇතුළත දුරකින්,වසා දැමීමට සලකා බලන පාසලට සමාන මට්ටමේ හෝ ඊට…
01 එක් ශ්‍රේණියක සිසුන් දස දෙනෙකුට වඩා අඩු වීම හෝ සමස්ත පාසලේම සිසුන් පනස් දෙනෙකුට වඩා අඩු වීම.
02 එම පාසල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර පහක් ඇතුළත දුරකින්,වසා දැමීමට සලකා බලන පාසලට සමාන මට්ටමේ හෝ ඊට වඩා උසස් මට්ටමේ වෙනත් පාසලක් පිහිටා තිබීම.
පාසැලක් වැසීමට ඉහත නිර්ණායකයන්ට යටත් අවසර හිමිවන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. කිලෝමීටර් තුනෙන් තුන අංග සම්පූර්ණ පාසැල් නිර්මාණය කිරීමට ආපු ආණ්ඩුව දැන් පාසැල් දහස් ගාණක් වැසීමට අවශ්‍ය චක්‍ර ලේඛන නිකුත් කරලා.
දැන්වීම
මේ චක්‍ර ලේඛන නිකුත් කරද්දී හරිනි කියු ground situation එක සලකා බලා නෑ. ඒ කියන්නේ පාසැල වසා දැමීමෙන් දරුවාට වෙන හානිය සහ වෙනත් පාසැලකට දරුවා යැවීමට අවශ්‍ය ආර්ථික හැකියාව දෙමව්පියන්ට තිබෙනවාද කියලා බලලා නෑ.
ඇත්තටම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිම විද්‍යාත්මක පදනමක් නැතිව කරන ඒවා. මේවා අධ්‍යාපන ක්‍රමය ගැන,පාසැල් පදාධතිය ගැන සමස්ථ අවබෝධයකින් කරන ප්‍රතිසංස්කරණ නෙවෙයි. මේවා ගැන කිසිම රිසර්ච් එකක් කරලා නෑ.
කවුරු හරි NGO කාරයෙක් හරිනියේ ඔළුවට දාන මනස්ගාතද මේවා කියන සැකය තීයනවා. සමස්ථ ක්‍රියාවලියක් ගැන අදහසක් නැතිව හිතෙන හිතෙන දේ කිරීමක්ද මේ කරන්නේ.
අන්තිමට උනේ කිලෝමීටර් තුනෙන් තුනට අංග සම්පූර්ණ පාසෑල් හදන්න ආපු ආණ්ඩුව කිලෝමීටර පහෙන් පහට අංග සම්පුර්ණ වැසිකිලි හැදීම දක්වා පහුබැසීමයි.