"පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කමිටුවේ පෙනී සිටීමට අගමැති සූදානම්"

(නායක බණ්ඩාර) අප්‍රේල් 21 පාස්කු දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්භ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව…
(නායක බණ්ඩාර)
අප්‍රේල් 21 පාස්කු දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්භ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අගමැතිවරයාගේ මෙම තීරණය පිළිබඳ කරුණු දක්වමින් කිරිඇල්ල මහතා පවසා සිටියේ තේරීම් කාරක සභාවෙන් කැදවීමක් ලද විගස ඒ හමුවේ පෙනී සිටීමටත්, එහි දී අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමටත් අගමැතිවරයා සුදානමින් සිටින බවයි.
එපමණක් ද නොව ඇති වූ අවශ්‍යතාව මත මහ බැංකු බැදුම්කර ගණුදෙනුව පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ ද මීට පෙර අග්‍රාමාත්‍යතුමා පෙනී සිටි බව ද කිරිඇල්ල මහතා අවධාරණ කළේය.