අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට ආණ්ඩුව උසස්වීම් දීලා..!

පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට ආණ්ඩුව උසස්වීම් දීලා..!

පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට ආණ්ඩුව විසින් විවිධ උසස්වීම් පවා ලබා දී තිබෙන බවට විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා චෝදනා කර සිටියි. විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මේ බව…

පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට ආණ්ඩුව විසින් විවිධ උසස්වීම් පවා ලබා දී තිබෙන බවට විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා චෝදනා කර සිටියි.

විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මේ බව කියා සිටියේ සිකුරාදා(20) බත්තරමුල්ල, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

පාස්කු ප්‍රහාරයට මේ වනවිට මාස 28ක් ගතවී තිබෙනවා. ජනාධිපති කොමිසමේ වාර්තාව බාරදී මාස හයකට වඩා ගතවී තිබෙනවා. මේ ප්‍රහාරයෙන් ජීවිත 270ක් පමණ අහිමි වී ඊටත් වඩා ප්‍රමාණයක් මැරි මැරී ජීවත් වෙනවා.

දැන්වීම

අත් පා නැති අය, මොළයට හානි වූ අය විශාල පිරිසක් මේ ලෙස සිටින අතර ඔවුන්ගේ පවුල් මේ හේතුවෙන් විශාල ව්‍යසනයකටද පත්වී සිටිනවා. මේක කිතුනු ජනතාවට එරෙහිව පමණක් එල්ල වූ ප්‍රහාරයක් හැටියට අපි සලකන්නේ නැහැ.

තමන්ගේ ආගම හොඳම ආගම, තමන්ගේ ජාතිය සුපිරිම ජාතිය වශයෙන් හඳුන්වන කවුරු හරි ඉන්නවා නම් ඒ අය තමයි අන්තවාදීන්. මේ ඔස්සේ ත්‍රස්තවාදයට යනවා නම් මේ සන්දර්භය තුළ ඒ තත්වය විතරක් සලකන්නේ නැහැ.

අන්තවාදය හෝ ත්‍රස්තවාදයට හේතු හොයලා සම්පූර්ණ අදහසක් ගන්න ඕනෑ. පීඩනය හෝ අන්තවාදයට පමණක් ලඝු කරන්න මම කැමති නැහැ. මෙතන තියෙන්නේ අන්තවාදය හෝ ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නයක්, මුස්ලිම් ජනතාවට විතරක් ඇතිවුණු ප්‍රශ්නයක් වගේ ලඝු කරන්න බැහැ.

බෞද්ධ හින්දු සහ අනෙකුත් ආගමිකයින්ට වගේම මුස්ලිම් ජනතාවටමත් මේ ප්‍රශ්නය ඇතිවෙන්න පුළුවන්. නමුත් මෙතන ජාතිවාදී හෝ ආගම්වාදී ප්‍රශ්නයට වඩා දෙයක් තිබෙනවා. 

ජනාධිපති කොමිෂන් වාර්තාවේ ප්‍රධාන කරුණු බැලුවාම මේ සම්බන්ධයෙන් තොරතුරු තිබෙනවා. මේ ප්‍රහාරය වළක්වන්න කටයුතු නොකළේ ඇයි? රජයේ නිලධාරීන් වැරදිකරුවන් කරලා මේ වාර්තාව දී තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලීසියේ නිලධාරීන් වගකිව යුතු බව සඳහන් වෙනවා. ඒ වගකිවයුත්තන් ගැන මේ දක්වා කටයුතු නොකිරීම විතරක් නෙවෙයි, චෝදනාවලට ලක්වී සිටින අය මේ ආණ්ඩුව උසස්වීම් පවා ලබාදී තිබෙනවා.

මෙය වැළැක්වීම නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සහ අගමැති පමණක් නොව ඒ ආණ්ඩුවේ සිටි සියලුම මැති ඇමතිවරුන් ප්‍රහාරය පිළිබඳ දැනගෙන හිටියා. ඒ නිසා පසුගිය ආණ්ඩුවට සම්බන්ධ හැමෝම පාස්කු ප්‍රහාරයටත් වගකිව යුතු වෙනවා.

මේ රටේ පවතින ඩීල් දේශපාලනය තුළින් සමහර මුස්ලිම් කණ්ඩායම් සමග බලය ලබාගැනීමටත් බලය පවත්වාගෙන යාමටත් මේ ඩීල් දේශපාලනය යොදා ගන්නවා. ඩීල් දේශපාලනය නිසා මේ පිටුපස සිටි කණ්ඩායම් පිළිබඳව නිසි පරීක්‍ෂණ මේ ආණ්ඩුවෙන් සිදුකර නැහැ. 

මෙහි සැලසුම්කරුවන් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බව සමහර අය කියනවා. තවත් සමහර අය දකුණේ දේශපාලන කණ්ඩායම් සිටින බවත් කියනවා. එය වැදගත්. සාරා ජෙස්මින් ගැන අපි දන්නවා. සමහර අය ඇය පැනලා ගිය බවත් තවත් සමහර අය ඇය මරා දැමූ බවත් කියනවා.

දෙහිවලදී මැරුණු ජමීල් හමුවෙන්න හමුදා බුද්ධි අංශ පණිවුඩකරුවෙකු යැවූ බවත් කියනවා. යහපාලන ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව නිසා ජනතාවට යම් පීඩනයක් ඇතිවුණා. ඒ පීඩනය මත ජාතිවාදය, අන්තවාදය සහ ත්‍රස්තවාදය පැතිරවූ දකුණේ දේශපාලනය මෙහෙයවන්නන් මහ මොළකරුවන් බවට සැකයක් අපිට තිබෙනවා.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ පාස්කු ප්‍රහාරය පාවිච්චි කරලා. මේ පිළිබඳව නිසි පරීක්‍ෂණයක් කර සියල්ල ජනතාවට හෙළි කරන බව ඡන්දයට පෙර ඔවුන් කීවත් දැන් අනුගමනය කරන්නේ ඇල් මැරුණු ප්‍රතිපත්තියක්. පරීක්‍ෂණ බාගයට නවත්වලා.

ඒ නිසා දකුණේ දේශපාලනය බලය ලබාගැනීම සඳහා සිදුකළාද කියන සැකය අපට බලවත්ව තිබෙනවා. කතෝලික ජනතාව පමණක් නෙවෙයි, මේ රටේ ජීවත් වෙන යුක්තිය, සාධාරණත්වය අගය කරන සියලුම ජනතාවට ඇත්ත නැත්ත දැන ගැනීමේ අයිතියක් තියෙනවා. හැම මාසයේම 21වැනිදා විරෝධතාවයක් දක්වන්න කාදිනල්තුමා ඉල්ලා තිබෙනවා. අපි ඒ ඉල්ලීමට එකඟත්වය පළ කරනවා. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට ආණ්ඩුව උසස්වීම් දීලා..! | Lanka Newsweek