අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාසල් යන මඟ මරු කැඳවූ අනතුර

පාසල් යන මඟ මරු කැඳවූ අනතුර

පාසල් ළමුන් දෙදෙනෙකු එම ස්ථානයේ ම ජීවිතක්ෂයට..! (අචින්ත මධුර) කුලියාපිටිය, පල්ලෙවෙල, විලපොල පාලම අසල දී පාසල් ළමුන් රැගත් වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැලි පටවාගත් ටිපර් රථයක් මුහුණට…

පාසල් ළමුන් දෙදෙනෙකු එම ස්ථානයේ ම ජීවිතක්ෂයට..!


(අචින්ත මධුර)


කුලියාපිටිය, පල්ලෙවෙල, විලපොල පාලම අසල දී පාසල් ළමුන් රැගත් වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැලි පටවාගත් ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

අනතුරෙන් වෑන් රථය පැද වූ රියැදුරු සහ පාසල් ළමුන් දෙදෙනෙකු එම ස්ථානයේ ම ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් ළමුන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙය කුලියාපිටිය නගරයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන් රැගත් වෑන් රථයකි. අනතුරෙන් වෑන් රථයට ද දැඩි හානි සිදු වී ඇත.

පාසල් යන මඟ මරු කැඳවූ අනතුර

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න