අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාසල් දරු දැරියන්ට රවීගෙන් ලැබුණු සුරක්ෂාව අනතුරේ..!

පාසල් දරු දැරියන්ට රවීගෙන් ලැබුණු සුරක්ෂාව අනතුරේ..!

දරු දැරියන් ලක්ෂ 45ක් අනාථයි යහ පාලන රජය සමයේ මුදල් ඇමතිව සිටි රවි කරුණානායක මහතා විසින් යෝජනා කර ක්‍රියාත්මක කරනු ලැබූ පාසල් දරු දැරියන් සඳහා වූ සුරක්ෂා රක්ෂණාවරණය මේ වන විට එම දරු දැරියන්ට නොලැබීමේ…

දරු දැරියන් ලක්ෂ 45ක් අනාථයි 

පාසල් දරු දැරියන්ට රවීගෙන් ලැබුණු සුරක්ෂාව අනතුරේ..!

යහ පාලන රජය සමයේ මුදල් ඇමතිව සිටි රවි කරුණානායක මහතා විසින් යෝජනා කර ක්‍රියාත්මක කරනු ලැබූ පාසල් දරු දැරියන් සඳහා වූ සුරක්ෂා රක්ෂණාවරණය මේ වන විට එම දරු දැරියන්ට නොලැබීමේ තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වේ. 

යහ පාලන රජයේ දින 100 වැඩ පිළිවෙළ යටතේ මුදල් අමාත්‍යවරයා ලෙස රවි කරුණානායක මහතාගේ යෝජනාවකට අනුව මෙම සුරක්ෂා රක්ෂණාවරණය ක්‍රියාත්මක කෙරුණු අතර ඒ අනුව පළමු වසරේ සිට 13 වසර දක්වා ඉගෙනුම ලබන පාසල් දරු දැරියන්  ලක්ෂ 45කට එම රක්ෂණාවරණය හිමි විය. 

දැන්වීම

කෙසේ නමුත් මේ වන විට පාසල් දරු දැරියන්ට එම සුරක්ෂා රක්ෂණාවරණය අහිමි වීමේ තත්වයක් උදා වී ඇති අතර වාර්තා වන තොරතුරුවලට අනුව 2021 වර්ෂයේ ද, රක්ෂණ ආවරණය බලාත්මකව පැවති  කාල වකවානුවේ ද, රක්ෂණ හිමිකම් ලැබූ පාසල් ළමුන් හත් දහසකට වැඩි ප්‍රමාණයකට වන්දි ගෙවා නැති බවද අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සමග 2021 වසරේ සුරක්ෂා රක්ෂණයට අධ්‍යාපන අමාත්‍යංශය ගිවිසුම් ගතව සිටියද එම ගිවිසුම එම වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වී ඇති අතර 2022 වර්ෂයේ මාස දෙකහමාරක කාලයක් ගත වී ඇතත් අධ්‍යාපන අමාත්‍යංශය සුරක්ෂා රක්ෂණය වෙනුවෙන් කිසිදු රක්ෂණ සමාගමක් සමග ගිවිසුම් ගත වී නොමැති බව වාර්තා වේ.

එම තත්ත්වය උඩ ළමුන් සඳහා වූ සුරක්ෂා රක්ෂණාවරණය නොලැබීමේ අවදානමකට ඇති වී තිබෙන අතර ලක්ෂ 45ක් පමණ වන පාසල් ළමුන් වෙනුවෙන් රුපියල් මිලියන 1600 සිට 1750 දක්වා මුදලක් මෙම රක්ෂණාවරණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය වෙන් කර තිබිණ. 

දරුවෙක් රෝහල් ගත වීමකදී, බාහිර ප්‍රතිකාර වෙත යොමු වීමේ දී, ඔසුසල් බිල්පත්, ශ්‍රවණාබාධ උපකරණ ලබා ගැනීම, දෘශ්‍ය ආබාධ උපකරණ ලබා ගැනීම සහ ඊට අදාළ පරීක්ෂණ වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් මේ සුරක්ෂා රක්ෂණාවරණය යටතේ දූ දරුවන්ට හිමි වී තිබිණ.

මීට අමතරව යම්කිසි දරුවෙකුගේ හෝ දැරියකගේ මව හෝ පියා මිය ගියහොත් එම පවුලට රුපියල් ලක්ෂයක වන්දියක් ලබා දීමට මෙම සුරක්ෂා රක්ෂණාවරණය යටතේ පහසුකම් සලසා දී තිබිණ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාසල් දරු දැරියන්ට රවීගෙන් ලැබුණු සුරක්ෂාව අනතුරේ..! | Lanka Newsweek