අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

පාරිසරික අර්බුදයට නොපමාව පිළියම් යොදනු

පාරිසරික අර්බුදයට නොපමාව පිළියම් යොදනු

ශ්‍රී ලංකාවේ මතුව ඇති දැවැන්ත පාරිසරික අර්බුදයට රජය නොපමාව පිළියම් යෙදිය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සාධාරණ…

ශ්‍රී ලංකාවේ මතුව  ඇති දැවැන්ත පාරිසරික අර්බුදයට රජය නොපමාව පිළියම් යෙදිය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.  

ශ්‍රී ලංකාව වර්ථමානයේ මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික සහ දේශපාලන අර්බුදයට අමතරව රටක් ලෙස අද අප  අති බරපතළ පාරිසරික අර්බුදයක මුව විට ට පැමිණ සිටින බව තේරුම් ගනිමින් නොපමාවම ඊට නිසි විසදුම් ලබා දීමට රජය කටයුතු කළ යුතුව තිබේ.

දැන්වීම

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ වන විටත් මේ පිළිබඳව රජයේ අවධානය යොමු කර ඇති අතර එහිදී ඒ සඳහා ගත යුතුව ඇති මූළික පියවර සමස්ත ආණ්ඩුවම සාමුහිකව කටයුතු කරමින් වහා ගනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වයට පත් කර ගන්නා අවස්ථාවේදී 29% ක් ව පැවැති රටේ වන ගහනය අද වන විට 16% දක්වා පහළට ඇද වැටී ඇත්තේ එම පාලනය පරිසරය කෙරෙහි සාහසික ආකල්පයකින් ගනු ලැබූ තීරණ හේතුවෙන් වුවත් එහි වන්දිය අවම වශයෙන් රටේ අනාගත පරපුරට හෝ උරුම කර නොදීමට වග බලා ගැනීම සමස්ත සමාජයේම වගකීමය.

එහිදී අද වන විට සෑම දිනකම රටේ එක් වන අලියෙකු හෝ මිය යමින් සිටින බව සහ ගෙවුණ 2022 වසරේදී පමණක් වන අලින් 395ක් මිය ගොස් තිබීම මගින් එහි බරපතළකම තේරුම් ගත හැකිය. එහි ඇති අනෙක් ඛේදනීයම තත්ත්වය වී ඇත්තේ අලි මිනිස් ගැටුම හේතුවෙන් පසුගිය කාලයේ දී ජාතියට අහිමිවී ඇති මිනිස් සම්පත සලකා බැලීමේදීය. එම සංඛ්‍යාව දහස් ගණනකි.

මේ වන විට මෙම තත්ත්වය දැවැන්ත අර්බුදයක් කරා වේගයෙන් වර්ධනය වෙමින් පවතින්නේ ශ්‍රී ලංකා භූමි කලාපයෙන් පරිසරයට කාන්දු වන අහිත කර වායූන්ට අමතරව අවට වෙනත් භූමි කලාපයන් හරහා අප රටට ඇතුළු වන වායු දූෂණය හමුවේ රටක් ලෙස අප පත්ව ඇති අසරණ භාවය මත පමණක්ම නොවේ. රටේ කෘෂිකර්මයට එල්ල කරමින් ඇති බලපෑම හේතුවෙන් මතු විය හැකි ආහාර අර්බුදය අප හමුවේ ඇති බරපතළම තර්ජනයක් වනු ඇත.

මෙම දැවැන්ත අනතුර පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික් ව්‍යාපාරය ලෙස් අප මේ වන විටත් රජයේ අවධානය යොමු කර ඇති අතර එහිදී ගරු ජනාධිපතිතුමා අප වෙත දන්වා සිටි ආකාරයට සැළසුම් කර ඇති පියවර නොපමාවම ගනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න