"පාරිභෝගික අධිකාරියෙන් පාරිභෝගිකයා බේරා ගන්න සිදු වෙලා"

පාරිභෝගික අධිකාරියෙන් රටේ පාරිභෝගිකයා බේරා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම මැදිහත් විය යුතු යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.…
මාර්තු 15 දිනට ලෝක පාරිභෝගික දිනය යෙදන අතර ලෝකයේ වෙනත් රටවල් විසින් පාරිභෝගික දිනය පාරිභෝගිකයන් සමග සමරද්දී පාරිභෝගික කටයුතු අධිකාරිය මෙවර ලෝක පාරිභෝගික දිනය එක්සත් ජාතීන්ගේ සංධානයේ අනුබද්ධ ආයතනයක අනුග්‍රහයෙන් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී මෙරට කර්මාන්ත හා ව්‍යාපාරික ප්‍රජාව සමග සැමරීමට කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායකය.
මේ වන විට රිෂාර්ඩ් බදුර්දීන් ඇමතිවරයාගේ හෙන්චයියන් විසින් මෙහයවන පාරිභෝගික කටයුතු අධිකාරීකාරිය තුළ නිසි සුදුසුකම් නොමැති පූර්ණ කාලීන සමාජිකයෙක් සේවය කරන අතර ඔහු විසින් පාරිභෝගික අධිකාරියේ කාර් රථයක් ගෙනගොස් අනතුරකට භාජනය කර තිබුණි.ඒ පිලිබදව අප විසින් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළද නිසි පරීක්ෂණයක් තවම සිදුකර නොමැත.
පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහළ නිලධාරීන් ටාජ් සමුද්‍රා හෝටලයේ දින දෙකක් පැවැත්වෙන පාරිභෝගික සැමරුමට සහභාගීවන අතර ඔවුන් සහභාගී කරවීමේ මුඛ්‍ය අරමුණ වන්නේ මෙරට ව්‍යාපාරිකයන් හා ඔවුන් අතර වන මිත්‍රත්වය වර්ධනය කරමින් එම ව්‍යාපාරිකයන්ට එරෙහිව පාරිභෝගික අධිකාරියට පාරිභෝගිකයන් විසින් කරණු ලබන පැමිණිලි හා ව්‍යාපාරිකයන්ට එරෙහිව සිදු කරන වැටලීම් අඩාල කිරීමය.
දැන්වීම
පාරිභෝගික අධිකාරිය මගින් මෙතෙක් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සදහා හදුන්වා දුන් නීති මේ වන විට ක්‍රියාත්මක නොවන අතර ආරක්‍ෂිත හිස්වැසුම් නීතිය, සහල් සහ පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා වන පාලන මිල , ආපනශාලා සදහා වන ප්‍රමිති , සෑම වෙලදසැලක් එදිරිපිට තරාදියක් තිබීම අනිවාර්ය කිරීමේ නීතිය ඒ අතර වේ.
මේ වන විට පාරිභෝගික කටයුතු අධිකාරිය විශාල දූෂණ හා වංචා සිදු වන ස්ථානයක් බවට පත්වී ඇතුවා පමණක් නොව පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරන තැනැක් බවට පත්ව ඇති නිසා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර දෙන ලෙස අප සංවිධානය ජනාධීපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.