පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ මන්ත්‍රී ආචාර ධර්ම ඡන්දයෙන් තොරවම සම්මතයි

(සුජිත් මංගල ද සිල්වා) වසර විසි හතරකට පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. මේ…
(සුජිත් මංගල ද සිල්වා)
වසර විසි හතරකට පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
මේ සිද්ධිය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී වැදගත්කමින් යුත් අවස්ථාවක් ලෙස සනිටුහන් වනු ඇති බව කථානායක කරු ජයසුරිය මහතා සඳහන් කළේය.
යල් පැන යමින් තිබූ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වසර 24 කට පසුව සංශෝධනය කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීමක් බවත්, එමෙන්ම දිගු කලක් පුරා කතාබහට ලක් වූ මන්ත්‍රී ආචාරධර්ම පද්ධතිය පාර්ලිමේන්තුව මගින්ම යථාර්ථයක් බවට පත් කිරීමට හැකිවීම අනාගතයේ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට මඟ පාදනු ඇති බවත් මෙම සුවිශේෂී ප්‍රතිසංස්කරණය සදහා දායක වූ සැම ගෞරවනීය කාර්යභාරයක කොටස්කරුවන් ලෙස පාර්ලිමේන්තු ඉතිහාසයට එක් වනු ඇති බවත් කතානායක කරු ජයසුරිය මහතා සදහන් කළේය.