අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මඩ ගැසීම නවතනු

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මඩ ගැසීම නවතනු

ඒ සඳහා නව නීති ගෙන එනු පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කර පෞද්ගලික මඩ ගැසීම වහා නතර කළ යුතු යැයි ද, ඒ සදහා අනිවාර්‍යෙන්ම අලුතින් නීති ගෙන ඒම හෝ පවතින නීති සංශෝධනය කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ…

ඒ සඳහා නව නීති ගෙන එනු  

පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කර පෞද්ගලික මඩ ගැසීම වහා නතර කළ යුතු යැයි ද, ඒ සදහා අනිවාර්‍යෙන්ම අලුතින් නීති ගෙන ඒම හෝ පවතින නීති සංශෝධනය කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ, විපක්ෂය පාර්ලිමේන්තුවේ දී සිදු කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අව අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

"අපි 225 ම එකතු වෙලා විනය-හැසිරීම-කතාව පාලනය කළ යුතුයි. පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරලා ළමයි ගැන...පවුල් ගැන මඩ ගහනවා. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කෙනෙකුට මඩ ගගැසීම, අධිකරණයට අපහාස කිරීම ,අධිකරණ විනිසුරුවරුන් විවේචනය කිරීම සහ එක් එක් පුද්ගලයින් ඉලක්ක කර මඩ ගැසීම වගේම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් තක්කඩි ප්‍රකාශ කිරීම වහාම නතරකළ යුතුයි. පාර්ලිමේන්තුවේ ඕනෑම දෙයක් කියන්න පුළුවන් කියන එක අයින් කරලා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට සංශෝධන හෝ නව නීති ගෙන ආ යුතුයි." 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මඩ ගැසීම නවතනු | Lanka Newsweek