පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ සටනට කතානායකට පැසසුම්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6

කතානායකගේ ක්‍රියාකලාපය ව්‍යවස්ථාවට අනුකුලයි..! අනාගත කතානයකවරුන්ටත් ආදර්ශයක්..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව කල් තැබූ අවස්ථාවේදී,පාර්ලිමේන්තුවේ…
කතානායකගේ ක්‍රියාකලාපය ව්‍යවස්ථාවට අනුකුලයි..!
අනාගත කතානයකවරුන්ටත් ආදර්ශයක්..!
(සුජිත් මංගල ද සිල්වා)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව කල් තැබූ අවස්ථාවේදී,පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයත්,මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ ගෞරවය වගේම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත් කතානායක කරු ජයසූරිය මහතා ගෙන ගිය සටන දේශපාලන පක්ෂ,සර්වාගමික නායකයින්සහ සිවිල් සංවිධාන ඇතුළු සියලු පාර්ශවයන් අගය කර සිටියි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශීය තානාපතිවරුන් ඇතුළු නිලධාරීන් ද කතානායකවරයා වෙත සිය ප්‍රසාදය පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක මහතාගෙන් “lankanewsweek”කළ විමසීමේදී ඔහු සඳහන් කළේ පර්ලිමෙන්තුව අභ්‍යන්තරයේ උද්ගත වූ තත්ත්වයේදී කතානායක කරු ජයසූරිය මහතා ක්‍රියා කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවය.
අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ තමාට යැයි රනිල් වික්‍රමසිංහ මහතා කියද්දී,බහුතරය තිබෙන්නේ ඔහුට නොව තමාට බව මහින්ද රාජපක්ෂ මහතා කියනවා නම් ව්‍යවස්ථානුකුලව කළ යුත්තේ පාර්ලිමේන්තුව වහාම කැඳවා ඇත්ත වශයෙන්ම බහුතරය තිබෙන්නේ කවුරුන්ට ද කියා ඡන්ද විමසීමකින් තහවුරු කර ගැනීම බව ද ලාල් විජේනායක මහතා පෙන්වා දුන්නේය.
“පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකි වනතුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.” යනුවෙන් ද, “රජයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව තීරණයක් ගනු සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවට මන්ත්‍රීවරු 124 දෙනෙකුගෙන් 116 දෙනෙකු මා පෞද්ගලිකව හමුවී ඉල්ලාසිටි අතර තවත් 08 දෙනෙක් දුරකථනයෙන් මා අමතා මෙම යෝජනාවට පක්ෂපාතීත්වය පළකොට සිටියහ. සියවස් ගණනක් තිස්සේ අපගේ පූර්වගාමී කථානායකවරුන් අනුගමනය කරමින් මන්ත්‍රී බහුතරය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සතු අයිතිය සුරක්ෂිත කරනු සඳහා ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දීමෙහි එකඟ වෙමින් මම සභාවේ ඡන්දයක් ගතයුතු බව ප්‍රකාශ කළෙමි” යනුවෙන් ද සඳහන් කරමින් කතානයාවරයා නිකුත් කළ අති විශේෂ නිවේදන දෙක ව්‍යවස්ථාවට එකඟ බව ද ලාල් විජේනායක මහතා අවධාරණය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථා විරෝධී ලෙස වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කතානායක කරු ජයසූරිය මහතා සිටින මේ ස්ථාවරය හමුවේ පාර්ලිමේන්තුවේ 113ක බහුතරය පෙන්වීමට සිය කණ්ඩායමට නොහැකි නිසා බව ද ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
කතානායක කරු ජයසූරිය මහතා මේ සම්බන්ධයෙන් නිකුත් කළ පළමු සහ දෙවැනි නිවේදන මෙසේය.
“අප මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුධකාරී තත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක මා මෙතෙක් නිහඬව සිටි නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමා ඇතුළු බහුතර මන්ත්‍රී තුමන්ලාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් අප මෙතෙක් රැකගත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශවනු වැළැක්වීම සඳහාත් ඉදිරිපත්ව හෘදයශාක්ෂියට එකඟව ක්‍රියාකිරීම මේ මොහොත් මා සතු ජාතික යුතුකමක් කොට සළකමි.
එක්සත්ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතාවිමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොන්ග්‍රසයට අයත් මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ අත්සන් සහිතව අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් සඳහන් කරමින් තමන් එය අනුමත නොකරන හෙයින් පාර්ලිමේන්තුව වහා කැඳවා එහි අනුමැතිය ලබා ගන්නා ලෙස සඳහන් කරමින් මා වෙත ඉදිරිපත්කොට ඇති ඉල්ලීම අතිශයින් සාධාරණ බව මාගේ හැඟීමයි.
මා නොවැම්බර් මස පළමුවන දින අතිගරු ජනාධිපතිතුමන් හමු වූ අවස්ථාවේ දී එතුමා දන්වා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස මවිසින් කරන ලද ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකොට එදින රාත්‍රියේදී මා දැණුවත් කරන බවයි.
එය එලෙසම සිදු නොවූ නමුත්, පසු දින පෙරවරු 10.30 ට පමණ එතුමා දුරකථනයෙන් මා අමතා නොවැම්බර් 07 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරන බව දන්වාසිටි අතර එදින පෙරවරුවෙහි එතුමා හමු වූ ජපන්, ප්‍රංශ, ඇමරිකානු සහ ඇෆ්ගනිස්තාන් තානාපතිවරුන් හමුවේ ද එතුමන් තහවුරුකර තිබුණේ නොවැම්බර් 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බවයි.
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් නොවැම්බර් මස 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බව තමා හමු වූ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් පිරිසක් හමුවේද සනාථ කර තිබිණ.
අතිගරු ජනාධිපතිතුමන් වාචිකව ලබා දුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේනම් නොවැම්බර් 07 වන දින වනවිට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කථානායකවරයා වශයෙන් මාගේ යුතුකමවේ. ඒ සඳහා මාහට සහය වීම ගරු ජනාධිපතිතුමාගේ ද යුතුකමක් බව හඟිමි.
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කරමින් මාධ්‍ය ආයතන ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිපාලනය බලහත්කාරයෙන් පැහැරගෙන මධ්‍යස්ථ සේවකයන් පිටුදකිමින් ගරු මහජන නියෝජිතයිනට වරදාන ලබාදෙන බවට ලැබෙමින් පවතින තොරතුරු දෙස නිහඬව බලා සිටීම අසීරු වේ.
පාර්ලිමේන්තුව නීත්‍යානුකූලව රැස්කිරීමට ඉඩ නොතබා ගරු මන්ත්‍රීවරුන් සතු අයිතීන් පැහැරගෙන ඇති බවට බහුතරය විසින් පෙන්වා දෙනු ලැබ ඇති අවස්ථාවක යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් මාගේ ස්ථාවරය ලෝකයට පළකළ යුතුව තිබේ.
පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකි වනතුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.
අවසානවශයෙන් කිව හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවියයුතු මෙම සිද්ධිය අවිහරඹවලින් තොරව සිදු වූ අප්‍රසන්න සංසිද්ධියක් බවයි.”
“පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් සිදු වී ඇති පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක්කරන බැව් මට දන්වා සිටියහ. ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් හි නීත්‍යානුකූලභාවය තීරණය කිරීමෙහි පාර්ලිමේන්තුව සතු වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා විසින් වලක්වනු ලැබීමේ හේතුවෙන් මෙම කරුණ පිළිබඳව අර්ථ නිරූපණයක් ලබා ගතයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි.
මහජනතාව තමන් නියෝජනය කරනු සඳහා තෝරා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම, පාර්ලිමේන්තුවේ භාරකරු ලෙස ගතවූ දෙසතිය තුළ මම විමසිල්ලෙන් නිරීක්ෂණය කළෙමි. විධායකය, ශ්‍රී ලංකා ස්වෛරීත්වයේ යාන්ත්‍රණය වන පාර්ලිමේන්තුව ඕනෑකමින්ම නොසලකා හැරීම ජනතා නිදහසට හා අයිතියට බරපතල අවදානමක් වනු ඇත.
මෙවන් බරපතල පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමෙහි දිවුරුම් දී ඇති සියළු රජයේ සේවක පිරිස් වෙත අවධාරණය කර සිටිනුයේ තමන් දුන් එම දිවුරුම පිළිබඳ යළිත් සිහිපත් කරන ලෙසයි. කිසියම් තැනැත්තෙකු හෝ බලයක් පිළිබඳ නොව මෙම ලියවිල්ල කෙරෙහි විශ්වාසය පලකළේ කවර කරුණක් නිසාදැයි ඔබ ඔබෙන්ම විමසා බැල්ම යෝග්‍ය වේ. අපගේ පරම බැඳීම පවතිනුයේ හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙතය.
අප මවුබිමේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව පිළිබඳ අප සතු වගකීම රාජ්‍ය සේවය මෙන්ම පොලීසිය හා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අපගේ වගකීම මතකයේ තබාගන්නා ලෙස මම ඔබගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලමි. කවුරුන් විසින් හෝ වේවා දෙනු ලබන නීත්‍යානුකූල නොවූ විධායකයේ නියෝග තරයේ ප්‍රතික්ෂේප කරන ලෙසද සියළු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිය වගකීම් දරන්නා වූ සියළු රටවැසියාගේ යුතුකම වනුයේ පක්ෂ දේශපාලනය හෝ පුද්ගල සබැඳියාව නොසළකා අද දවසේ රට පිළිබඳව ස්වදේශානුරාගයෙන් සිතා මවුබිමෙහි නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිත භාවයත් වෙනුවෙන් පෙනී සිටීමයි.
කල් තැබීමෙන් පසු පාර්ලිමේන්තුව කැඳවීමට තිබූ නොවැම්බර් මස 14 දින රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඉදිරිපත්කිරීමෙහිලා ජනාධිපතිවරයා වලක්වාලීමට මා අදහස්කළ බව ජේෂ්ඨ දේශපාලනඥයෙකු වන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අභූත චෝදනාවක් නඟමින් එම කරුණ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට හේතු වන්නට ඇතැයි ප්‍රකාශ කිරීම පිළිබඳ මම විමතියට පත්වීමි.
තම කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ එම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වඩාත් අවංක හා විශ්වාසනීය හේතුවක් දැක්වූයේ නම්, ලෝකයා හමුවේ අප මව්බිමේ ගෞරවයට වන හානිය අවම කර ගැනීමේ ඉඩ ප්‍රස්ථාව තිබුණු බව මගේ විශ්වාසයයි.
කථානායක වරයෙකුගේ ක්‍රියාවන් සෑම කල්හිම විධායකයේ සතුටට හේතු වන්නේ නැත. පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳ මෙම සම්ප්‍රදායේ ඉතිහාසය 1641 දක්වා ගමන් කරන බව පෙන්වා දෙමි.
බ්‍රිතාන්‍යයේ පළමු වැනි චාල්ස් රජු මහජන මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ කථානායක විලියම් ලෙන්තල් එය වලකා ඔවුන් ආරක්ෂාකරනු වස් රජු ඉදිරියේ දණින් වැටී මෙසේ පැවසීය.
“ මහරජතුමනි, මා මේ පවසන කරුණු ඔබවහන්සේගේ චිත්තප්‍රීතියට හේතුවේවා! මෙම ස්ථානයේ සිදුවන දේ මාගේ දෙනෙතින් දැකීමටහෝ ඒ පිළිබඳ කිසිවක් පැවසීමට නොහැකි මුත්, මා කීකරු සේවකයෙකු පමණක් වන මෙම සභාව විසින් මා වෙත ලබා දී ඇති තීරණය හැර ඔබ වහන්සේ විසින් ඉල්ලා සිටින ආකාරයේ පිළිතුරක් ඔබ වහන්සේ වෙත ලබා දීමට නොහැකි බැවින් මා වෙත සමාව භජනය කරන සේක්වා.”
රජයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව තීරණයක් ගනු සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවට මන්ත්‍රීවරු 124 දෙනෙකුගෙන් 116 දෙනෙකු මා පෞද්ගලිකව හමුවී ඉල්ලාසිටි අතර තවත් 08 දෙනෙක් දුරකථනයෙන් මා අමතා මෙම යෝජනාවට පක්ෂපාතීත්වය පළකොට සිටියහ. සියවස් ගණනක් තිස්සේ අපගේ පූර්වගාමී කථානායකවරුන් අනුගමනය කරමින් මන්ත්‍රී බහුතරය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සතු අයිතිය සුරක්ෂිත කරනු සඳහා ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දීමෙහි එකඟ වෙමින් මම සභාවේ ඡන්දයක් ගතයුතු බව ප්‍රකාශ කළෙමි.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයක් ඉදිරිපත්කිරීම වැළැක්විය යුතු බවට කිසිදු මන්ත්‍රීවරයෙකු ඉල්ලා නොසිටි අතර එවැන්නක් මාගෙන් ද අනුමත නොවනු ඇත.
හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මගේ මවුබිම අපේක්ෂා කළ කවර වූ හෝ කැප කිරීමක් කිරීමට මම නිරතුරුව සූදානමින් සිටියෙමි. විධායකය හමුවේ පෙනීසිට පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය, හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම මා ලද වරප්‍රසාදයක් විය.
ඉහත සඳහන් මගේ ක්‍රයාකාරකම් පිළිබඳ කිසිඳු පැකිලීමකින් තොර කවර ආකාරයේ වුව ප්‍රතිවිපාකයකට මුහුණ දීමෙහි මා සූදානම් බැව් වැඩිදුරටත් සඳහන් කරමි.”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6
