අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තු කාරක සභා මාධ්‍ය ආවරණයටත් මාධ්‍යවේදීන්ට අවස්ථාව..!

පාර්ලිමේන්තු කාරක සභා මාධ්‍ය ආවරණයටත් මාධ්‍යවේදීන්ට අවස්ථාව..!

කාරක සභාවලට මාධ්‍ය කැඳවන්න කතානායකට හැකි බව සභානායක කියයි..! සුනිල් හඳුනෙත්ති සභානායක ස්ථාවරය පිළි ගනී..! පාර්ලිමේන්තුවේ කාරක සභා කටයුතු මාධ්‍ය ආවරණය කිරීම සදහා ජන මාධ්‍ය කැදවීමේ හැකියාව ස්ථාවර නියෝග…

කාරක සභාවලට මාධ්‍ය කැඳවන්න කතානායකට හැකි බව සභානායක කියයි..!

සුනිල් හඳුනෙත්ති සභානායක ස්ථාවරය පිළි ගනී..!

පාර්ලිමේන්තුවේ කාරක සභා කටයුතු මාධ්‍ය ආවරණය කිරීම සදහා ජන  මාධ්‍ය කැදවීමේ හැකියාව ස්ථාවර නියෝග යටතේ කතානායකවරයාට පවතින බව   සභා නායක,රාජ්‍ය ව්‍යවසාය,කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය  අධි නීතිඥ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 

රාජ්‍ය ගිණුම් සහ පොදු ව්‍යාපාර පිළිබඳ  කාරක සභාවල කටයුතු මාධ්‍ය ආවරණය කිරීම  සදහා ජනමාධ්‍ය සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්, පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා සිකුරාදා (08) පාර්ලිමේන්තුවේදී මතු කළ  පැනයට පිළිතුරු ලබා දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව අවධාරණය කළේය.  

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය.

“ස්ථාවර නියෝග යටතේ කතානායකවරයාට පුළුවන් මෙම  කමිටුවලට මාධ්‍ය කැදවන්න.මම  මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරුන් කිහිප දෙනෙකුගෙනුත් විමසීම් කළා.මොකද ඒක පාර්ලිමේන්තුවේදී මතු කරන ප්‍රශ්නයක් නිසා,ඒ කමිටුවට පුළුවන් කතානායකවරයාගේ අවසර ඇතිව මාධ්‍ය කැදවන්න.”

ඊට ප්‍රතිචාර දක්වමින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා මෙසේ පැවසීය.

“බොහොම සතුටුයි...ඔබතුමා සභානායකවරයා වශයෙන් මෙම ප්‍රකාශය කළ එක වැදගත්.සභා ගර්භයත් එක්ක සාකච්ජා කරලා අපිට ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී ම  මාධ්‍ය කැදවන්න  පුලුවන්නම් අපි ඒක  කරමු.”

පාර්ලිමේන්තු කාරක සභා මාධ්‍ය ආවරණයටත් මාධ්‍යවේදීන්ට අවස්ථාව..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාර්ලිමේන්තු කාරක සභා මාධ්‍ය ආවරණයටත් මාධ්‍යවේදීන්ට අවස්ථාව..! | Lanka Newsweek