පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට විපක්ෂයේ නියෝජනයත් අවශ්‍යයි - සජිත් ප්‍රේමදාස

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීම් සදහා තෝරා ගත් කිහිප දෙනකු සහභාගීවනවාට වඩා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් කැඳවීමට මූලිකත්වය ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එය රජයට සහ විපක්ෂයේ…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීම් සදහා තෝරා ගත් කිහිප දෙනකු සහභාගීවනවාට වඩා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් කැඳවීමට මූලිකත්වය ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එය රජයට සහ විපක්ෂයේ ප්‍රධාන නියෝජිතයින්ට සංවාදයක යෙදීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම බවත් එමඟින් කිසිදු ගැටුමක් ඇති නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් රජයේ ප්‍රධාන නියෝජිතයන් සහ විපක්ෂයේ පක්ෂ 12 නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද සමන්විතව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇති කරන ලෙසත් ආණ්ඩු පක්ෂයේ නියෝජිතවරුන් සහ විපක්ෂයේ පක්ෂ 12ම නියෝජිතයන් කැදවා සාධාරණ සාමූහිකව ප්‍රශස්ත සාකච්ඡාවකට එළැඹ ගැටලුවක් මතු නොවන ආකාරයට නායකත්වය ලබා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.