පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ලකුණු..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රජයේ මුද්‍රණාලය සීරුවෙන්..! (සුජිත් මංගල ද සිල්වා ) රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය සහ පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන අස්ථාවරත්වය හමුවේ පාර්ලිමේන්තුව බදාදා (14) රැස්වීමට බොහෝ පාර්ලිමේන්තුව විසුරුවා…
රජයේ මුද්‍රණාලය සීරුවෙන්..!
(සුජිත් මංගල ද සිල්වා )
රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය සහ පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන අස්ථාවරත්වය හමුවේ පාර්ලිමේන්තුව බදාදා (14) රැස්වීමට බොහෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ තිබෙන බව රජයේ ඉහළම පෙළේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තුව එසේ විසුරුවා හැරෙනු ඇත්තේ ආගමික වතාවත් සිදු කිරීම සඳහා මක්කම බලා ගොස් සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රව්ෆ් හකීම් සහ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රිෂාඩ් බද්‍යුදීන් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම සිය ස්ථාවරය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දීමෙන් අනතුරුවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුතුවදී ජාතික රජයෙන් ඉවත් වුණාට පසුව නව ආණ්ඩුවක් පිහිටුවා එම ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුවේ කිසිදු දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක තනි බහුතරයක් නොමැත.
මේ තත්ත්වය හමුවේ එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ ඒ පක්ෂවලින් ද පාර්ලිමේන්තුවේ අනෙකුත් දේශපාලන පක්ෂවලින් ද මන්ත්‍රීවරුන් බිලී බා ගෙන සිය 113 බහුතරය කෙසේ හෝ සකස් කර ගැනීමේ යුද්ධයක් අරඹා ඇත.
ඒ වෙනුවෙන් විවිධ වරප්‍රසාද,වරදාන,තනතුරු සහ මුදල් ද ප්‍රදානය කෙරෙන තත්ත්වය හමුවේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ගණිකා වෘත්තියේ යෙදවීමක් සිදු වන බව සර්වාගමික නායකයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ පෙන්වා දෙති.
මේ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතා පරමාධිපත්‍ය බලය අනුව සිය අභිමතය පරිදි ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දෙන්න යැයි සර්වාගමික නායකයින්,සිවිල් ක්‍රියාකාරීන්,උගතුන් සහ බුද්ධිමතුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් “lankanewsweek”ජ්‍යෙෂ්ඨ නීතීඥ එස් ජී පුංචිහේවා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ රටේ මෙවැනි දේශපාලන අස්ථාවරත්වයක් ඇති වී විවිධ අර්බුද හේතුවෙන් පාර්ලිමේන්තුව අස්ථාවර වී පාර්ලිමේන්තුව තව දුරටත් ඉදිරියට ගෙන යන්න නොහැකි තත්ත්වයක් උදා වුණොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා හෝ නොවිමසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවය.
මේ අතර ඕනෑම හදිසි අවශ්‍යතාවයකට මුහුණදීම සඳහා පැය විසි හතර පුරාවටම සීරුවෙන් සිටින ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය රජයේ මුද්‍රණාලයට උපදෙස් දී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1