අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක්..!

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අත්හිටුවයි

අගවිනුසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හතක් පෙත්සම් සලකා බලති..! අවසන් තීන්දුව දෙසැම්බර් හත් වැනිදා..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා…

අගවිනුසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හතක් පෙත්සම් සලකා බලති..!

අවසන් තීන්දුව දෙසැම්බර් හත් වැනිදා..!

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක්..!

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් පත්‍රය  අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු නලීන් පෙරේරා මහතා හත් දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම පූර්ණ විනිසුරු මඩුල්ලට  බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මූර්තු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ඇතුළත් වෙති.

අගවිනිසුරු නලීන් පෙරේරා මහතා මෙම මෙම පූර්ණ විනිසුරු මඩුල්ල පත් කර ඇත්තේ මේ පෙත්සම් සඳහා අතරමැදි පාර්ශවකරුවන් ලෙස ඉදිරිපත් වූ උදය ගම්මන්පිල මහතා ඇතුළු පස් දෙනෙකු කළ ඉල්ලීම අනුවය.

මේ  පෙත්සම් පිළිබඳ  විභාගය දෙසැම්බර්  මස හතර  වැනි දා ආරම්භ කෙරෙන අතර ඒ මස හත් වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් සිය අවසන් තීන්දුව ලබා දීමට නියමිතය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක්..! | Lanka Newsweek