පාර්ලිමේන්තුව වහාම කැඳවන්න යැයි මල්වතු-අස්ගිරි මහ නා හිමිවරු අවධාරනය කරති..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රට අරාජික කරනු එපා..! විශ්වාස භංගයේදී රනිල් වික්‍රමසිංහ බහුතරය පෙන්නුවා..! මහින්ද රාජපක්ෂ උභතෝකෝටිකයක..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර විශ්වාසය දිනා ගන්න පුද්ගලයා තෝරා ගෙන…
රට අරාජික කරනු එපා..!
විශ්වාස භංගයේදී රනිල් වික්‍රමසිංහ බහුතරය පෙන්නුවා..!
මහින්ද රාජපක්ෂ උභතෝකෝටිකයක..!
(සුජිත් මංගල ද සිල්වා)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර විශ්වාසය දිනා ගන්න පුද්ගලයා තෝරා ගෙන ඔහුට රටේ පාලනය ඉදිරියට ගෙන යන්න අවස්ථාව ලබා දීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි මල්වතු අස්ගිරි නා හිමි වරු නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ අද (28) අවධාරණය කළහ.
එසේ නොවුනහොත් දේශපාලන වශයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ මට්ටමෙන් කැරළි කෝලාහල ඇතුළු වීදි සටන් ඇති වී රට මුලුමනින්ම අරාජිකත්වයට පත් වී ජාත්‍යන්තර වශයෙන් හුදකලා වනු ඇතැයිද මල්වතු-අස්ගිරි මහ නා හිමිවරු මහින්ද රාජපක්ෂ හමුවේ අනතුරු ඇඟ වුහ.
මල්වතු මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සහ අස්ගිරි මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිවරුන් මේ බව අවධාරණය කර සිටියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ආශීර්වාද ලබා ගැනීම සඳහා උන් වහන්සේලා බැහැ දුටු අවස්ථාවේදීය.
මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පර්ලිමෙන්ත්වට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු එම විශ්වාස භංගය පරාජය කරමින් පාර්ලිමේන්තුවේ සිය බහුතරය පෙන්වූ සිද්ධිය සිහිපත් කළ මල්වතු-අස්ගිරි මහ නා හිමිවරු එම නිසා පාර්ලිමේන්තුව වහාම කැඳවා මේ ප්‍රශ්නය පර්ලිමෙන්තුවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසදා ගන්න යැයිද මහින්ද රාජපක්ෂ මහතා වෙත අවධාරණයෙන් යුතුව අනුශාසනා කළහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
