අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තුව වහලා බාර් අරිනවා

පාර්ලිමේන්තුව වහලා බාර් අරිනවා

(හේමන්ත තුසිත කුමාර) රටේ ජනතාවගේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙමින් තිබෙන අතර ජනතාවගේ සැබෑ ප්‍රශ්න කථා කිරීමටත් විසඳා ගැනීමටත් ඇති පාර්ලිමේන්තුව වසා දමා ඒ වෙනුවට රටේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම…

(හේමන්ත තුසිත කුමාර)

රටේ ජනතාවගේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙමින් තිබෙන අතර ජනතාවගේ සැබෑ ප්‍රශ්න කථා කිරීමටත් විසඳා ගැනීමටත් ඇති පාර්ලිමේන්තුව වසා දමා ඒ වෙනුවට රටේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම හාස්‍යයට කරුණක් බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය. 

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද සහ හෙට පාර්ලිමේන්තුව නොපැවැත්වීමට විරුද්ධව ඊයේ(22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ අදහස් පල කර සිටියේය .

ගරු කථානායකතුමනි හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව පැවැත්විම වැළක්වීමට යෝජනාවක් ගෙනල්ලාතියනවා .ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ අපිට පාර්ලිමේන්තු කටයුතු දින 25ක් නැති වුනා.රටේ ප‍්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙනවා.පාර්ලිමේන්තුව හෙටත් අනිද්දාත් වහලා බාර් අරිනවා.ගරු කථානායකතුමනි අපි කතා කරන්න  ඕනේ ආණ්ඩුවේ නියාය පත‍්‍රය අනුව .

දැන්වීම

මේ සතියේ විදුලි බලමණ්ඩලය පිළිබද කිසිම දෙයක් නැ.නමුත් පෙරේදා රාත‍්‍රියේ ඇමෙරිකාවෙන් කට්ටියක් ඇවිත්යුගදනව්ව බලාගාරය 40%කට අත්සන් කරලා ගත්තා.කොහෙද මේවා කතා කරන්නේ ?ආණ්ඩුව කිව්වා කොරෝනා අඩුවෙලා කියලා, කොරෝනා අඩුවෙලා නම් ඇයි පාර්ලිමේන්තුව කල් දාන්නේ ?මොකක්ද පදනම ?

ගරු කථානායකතුමනි ඔබ තුමා ඉන්නේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී වරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ,නැතුව ආණ්ඩුව කියන කියන විදියට වැඩ කරන්න නෙවේ . අපිට හෙට දවස ලබා දෙන්න මොකද මේ විදුලි බලාගාරය පිළිබද කතා කරන්න  ඕනේ .

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාර්ලිමේන්තුව වහලා බාර් අරිනවා | Lanka Newsweek