අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තුව බදාදා කැඳවීමට කතානායක තීරණය කරයි

ව්‍යවස්ථාව විවාද කාලය දිගු කිරීමට කරු තීරණය කරයි

(සුජිත් මංගල ද සිල්වා) වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව අනිද්දා (10) පෙරවරු 10.30 ට කැඳවීමට කතානායක කරු ජයසූරිය මහතා අද (8) තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් මෙසේ වහාම කැඳවීමට…

(සුජිත් මංගල ද සිල්වා)

වහාම ක්‍රියාත්මක වන පරිදි  පාර්ලිමේන්තුව අනිද්දා (10) පෙරවරු 10.30 ට කැඳවීමට කතානායක කරු ජයසූරිය මහතා අද (8) තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් මෙසේ වහාම කැඳවීමට කතානායක කරු ජයසුරිය මහතා පියවර ගෙන තිබෙන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ විශේෂ ඉල්ලීමට අනුවය.

දැන්වීම

බැඳුම්කර ගනු දෙනුවට අදාළව ජනාධිපති විමර්ශන කොමිසම මගින් නිකුත් කෙරුණු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයෙන් පසුව ඒ විවාදයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඒකාබද්ධ විපක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කතා නායකවරයාගෙන් ඉල්ලා තිබිණ.

ඒ අනුව කතානායක කරු ජයසුරිය මහතා ඒ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබිණ.ඒ 2018 ජනවාරි මස 23 වැනිදා රැස්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තුව ඊට පෙර රැස් කරනවානම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ ඒ සඳහා බලය ඇත්තේ අගමැතිවරයාට වන නිසාය.

ඒ ඉල්ලීම් අනුව පාර්ලිමේන්තුව කලින් රැස් කිරීමට පියවර ගන්නැයි අගමැතිවරයා දැනුම් දී අති අතර මේ අනුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (09) උදැසන පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට ද නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාර්ලිමේන්තුව බදාදා කැඳවීමට කතානායක තීරණය කරයි | Lanka Newsweek