අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තුව පාළුවට යයි-විවාදය අසාර්ථක වෙයි..!

පාර්ලිමේන්තුව පාළුවට යයි-විවාදය අසාර්ථක වෙයි..!

රුපියල් හැට ලක්ෂයක් පමණ වතුරේ (සුජිත් මංගල ද සිල්වා) මහා බැංකු බැඳුම්කර ගනු දෙනුවට ද, බරපතළ වංචා,දුෂණ සහ අක්‍රමිකතාවලට ද අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් වාර්තා සම්බන්ධයෙන්…

රුපියල් හැට ලක්ෂයක් පමණ  වතුරේ

(සුජිත් මංගල ද සිල්වා)

මහා බැංකු බැඳුම්කර ගනු දෙනුවට ද, බරපතළ වංචා,දුෂණ සහ අක්‍රමිකතාවලට ද  අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද (06) පැවති විවාදයට මන්ත්‍රීවරුන් 225න්  ¼ ක් වත් සහභාගී නොවීම හේතුවෙන් එම විවාදය සම්පුර්ණයෙන්ම ඇල් මැරුණු ස්වභාවයකට පත් විය.

කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (06) 10.30 ට පමණ රැස්වූ අතර සවස 2.00 වන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනකු පමණි.

දැන්වීම

ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක සහ කේ කේ පියදාස යන මහත්වරුන් සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරුන්ය.

ආරම්භයේ සිටම සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් නොසිටීම හේතුවෙන් විවාදය ඉදිරියට ගෙන යාම විශාල ප්‍රශ්නයක් වූ අතර ඒ හේතුවෙන් සභා ගර්භයේ සිටි මන්ත්‍රීවරුන්ගෙන් ද දිස් වූයේ මහත් අලස ස්වභාවයකි.

මේ පාර්ලිමේන්තු විවාදය මහත් උණුසුම්කාරී තත්ත්වයක් ගනු ඇති අතර බොහෝ අයගේ දේශපාලන ඉරණම ද මේ විවාදයෙන් තීරණය වනු ඇති බවට රට පුර ගොස් තිබූ ප්‍රචාරය හේතුවෙන් මෙම විවාදය නැරඹීම සඳහා මහා ජන ගැලරියට දේශපාලන ක්‍රියාකාරීන් විශාල පිරිසක් උදැසන සිටම එක්ව සිටියහ.

කෙස් නමුත් බලාපොරොත්තු වූ පරිදි කිසිදු උණුසුම්කාරී සහ වැදගත් වාතාවරණයක් විවාදය සමග මතු නොවීම හේතුවෙන් එම පිරිස ද නික්ම යාමත් සමග පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ද පාළුවට ගොස් තිබෙනු දක්නට ලැබිණ.

මේ සම්බන්ධයෙන් “LANKANEWSWEEK” කළ විමසුමකට පිළිතුරු දෙමින් රජයේ ප්‍රබල අමාත්‍යවරයකු පැවසුවේ කළ යුත්තේ මේ වාර්තා ගැන විවාද කරමින් තවත් කාලය මැරීම නොව එම වාර්තා  මගින් කර ඇති නිර්දේශ මත අදාළ වගකිවයුත්තන්ට එරහිව නීතිමය පියවර ගැනීම බවය.

නුසුදුසු මොහොතක මෙසේ පාර්ලිමේන්තුව කැඳවීම හේතුවෙන් සිදු වූයේ රුපියල් ලක්ෂ 60 ක පමණ අති විශාල මහ ජන මුදලක් නාස්තිවීම පමණක්   බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

ස්ථාවර නියෝගවලට අනුව පැවරී තිබෙන බලතල යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ විවාදය සඳහා පාර්ලිමේන්තුව කල් ඇතිව කැඳ වූයේ පළාත් පාලන මැතිවරණයට පෙර හැකි නම් පාර්ලිමේන්තුව කැඳවා මේ විවාදය පවත් වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අභියෝගය මතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
පාර්ලිමේන්තුව පාළුවට යයි-විවාදය අසාර්ථක වෙයි..! | Lanka Newsweek