අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

පාර්ලිමේන්තුව නොකැඳවා මූලික අයිතීන් කඩ කරලා

පාර්ලිමේන්තුව නොකැඳවා මූලික අයිතීන් කඩ කරලා

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ව්‍යස්ථා අර්බුදයට විසඳුමක් ඉල්ලති (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගතයත් සමග රටේ උද්ගත වී ඇති හදිසි තත්ත්වය සහ මහ මැතිවරණය පවත්වා අභිනව පාර්ලිමේන්තුව රැස කිරීම දින…

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 

ව්‍යස්ථා අර්බුදයට විසඳුමක් ඉල්ලති 

පාර්ලිමේන්තුව නොකැඳවා මූලික අයිතීන් කඩ කරලා

(සුජිත් මංගල ද සිල්වා) 

COVID-19 වසංගතයත් සමග රටේ උද්ගත වී ඇති හදිසි තත්ත්වය සහ මහ මැතිවරණය පවත්වා අභිනව පාර්ලිමේන්තුව රැස කිරීම දින නියමයකින් තොරව කල් ගොස් තිබීම මත, ජනාධිපතිවරයා පැවැති පාර්ලිමේන්තුව යළි නොකැඳවීම හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පවසමින් මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයින් සහ නීතිඥයින් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අඟහරුවාදා (05) පෙත්සමක් ගොනු කළේය. 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ දේශපාලන විචාරක වික්ටර් අයිවන්, මහාචාර්ය ඇන්ටන් මීමන, අධ්‍යාපනඥ ටී. එම්. ප්‍රේමවර්ධන, වෛද්‍ය එච්. ඩී. එස්. එෆ්. ඩී. හේරත් සහ මාධ්‍යවේදී මහින්ද හත්තක ඇතුළු පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ පෙත්සම ගොනු කළේය.

දැන්වීම

මෙම පෙත්සමෙහි සඳහන් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස තුනක් ඉක්මවීමට පෙරාතුව මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුව පිහිටු විය යුතුව තිබෙන නමුත් මේ දක්වා එසේ ක්‍රියා කර නොමැති අතර උක්ත කාලය ඉක්මවා ගොස් මැතිවරණය පවත් වන දිනය දීර්ඝ කිරීමද ව්‍යවස්ථාවට පටහැනි බවය.

කොවිඩ් 19 වසංගතය නිසා පවතින ජීවිත අවදානම පිළිබඳවත්, ඒ හේතුවෙන් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඇති නොහැකියාව පිළිබඳවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 සහ 126 වගන්ති මඟින් සලසා දී ඇති නීතිමය ප්‍රතිපාදන අනුව ඉදිරිපත් කර තිබෙන  මෙම මෙම පෙත්සම පිළිබඳ නඩු විභාගය අවසන් වන තුරු මැතිවරණයට අදාළව නිකුත් කර තිබෙන ගැසට් පත්‍ර ක්‍රියාත්මක වීම අත්හිටු වන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14 (1) (ඒ) හි සඳහන්  මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ප්‍රකාශ කරන ලෙසත් පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න