අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තුව කැඳ විය යුතු බව කතානායකත් අවධාරණය කරයි

පාර්ලිමේන්තුව කැඳ විය යුතු බව කතානායකත් අවධාරණය කරයි

විපක්ෂයේ යෝජනාවට සහය පළ කරයි පාර්ලිමේන්තුවේ සාධනීය මෙහෙවර ගැන සහතිකයක් (සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි කැඳ වන ලෙසට විපක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කර…

විපක්ෂයේ යෝජනාවට සහය පළ කරයි 

පාර්ලිමේන්තුවේ සාධනීය මෙහෙවර ගැන සහතිකයක්  

(සුජිත් මංගල ද සිල්වා)   

රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි කැඳ වන ලෙසට විපක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ යහ චේතනාන්විත බව හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා "Twitter" පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස තමා එම යෝජනාව අනුමත කරන බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා එම ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව යළි කඳ වුවහොත් ඉතා සාධනීය කාර්යභාරයක් ඉටු වනු ඇතැයි විශ්වාසය පළ කර සිටියි.

රටේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවෙන් ඉටු වන සාධනීය මෙහෙවර සහ කාර්යභාරය තහවුරු කිරීම එහි කතානායකවරයා වශයෙන් සිය වගකීම, යුතුකම සහ භූමිකාව වන්නේ යැයි ද කරු ජයසූරිය මහතා එම  "Twitter" පණිවුඩය මගින් වැඩි දුරටත් අවධාරණය කර සිටියි.      

පාර්ලිමේන්තුව කැඳ විය යුතු බව කතානායකත් අවධාරණය කරයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාර්ලිමේන්තුව කැඳ විය යුතු බව කතානායකත් අවධාරණය කරයි | Lanka Newsweek