අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තුව අන්දවා තලතා පැනයයි

පාර්ලිමේන්තුව අන්දවා තලතා පැනයයි

අස්වීමේ ලිපිය නොදී ගෙදර ගිහින් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ඒ බව කතානායකවරයාට අගෝස්තු [22]වැනිදා වන විටත්…

අස්වීමේ ලිපිය නොදී ගෙදර ගිහින් 

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ඒ බව කතානායකවරයාට අගෝස්තු [22]වැනිදා වන විටත් නිල වශයෙන් දැනුම් නොදීම හේතුවෙන් මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම සම්බන්දයෙන් ගැටළුවක් පැනනැගී ඇත. 

මේ සම්බන්ධයෙන්පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සදහන් කළේ තලතා අතුකෝරල මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නැති හෙයින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුරප්පාඩුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට නොහැකිවී ඇති බවයි.

තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී බදාදා [21]වැනිදා දීර්ඝ ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බව සඳහන් කළාය.

දැන්වීම

තලතා අතු කෝරළ මහත්මියගේ අස්වීමෙන් පුරප්පාඩු වන සමග ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතා පත් කිරීමට නියමිත බව වාර්තාවේ.

තලතා අතුකෝරළ මහත්මියගෙන් පසු එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ පරණවිතාන මහතා වන අතර  ඔහු පසුගිය මහ මැතිවරණයේදී ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 36787කි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න