පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සේරම උල්ලංඝනය වෙනවා - සජිත් ප්‍රේමදාස

අද වන විට පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය, වරප්‍රසාද, ස්ථාවර නියෝග සේරම උල්ලංඝනය වෙනවා මන්ත්‍රීවරුන්ට Erskine May සහ කවුලන් ෂඩ්ලර් යන නීතිපොත් කියවන්න යෝජනා කරනවා සමූපාකාර ඡන්ද සදහාද මර්දනය ගෙනල්ලා බහලුම්…
අද වන විට පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය, වරප්‍රසාද, ස්ථාවර නියෝග සේරම උල්ලංඝනය වෙනවා
මන්ත්‍රීවරුන්ට Erskine May සහ කවුලන් ෂඩ්ලර් යන නීතිපොත් කියවන්න යෝජනා කරනවා
සමූපාකාර ඡන්ද සදහාද මර්දනය ගෙනල්ලා
බහලුම් 323 ගැන ජනාධිපතිවරයා තවමත් අදහස් ප්‍රකාශ කර නෑ
ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයන් කවුද කියා රජය කඩිනමින් අනාවරණය කළ යුතුයි
සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්දයෙන් අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. එහිදී විපක්ෂ නායක වරයා පෙන්වා දුන්නේ අද වන විට පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය, වරප්‍රසාද, ස්ථාවර නියෝග සේරම උල්ලංඝනය වෙන තැනකට පාර්ලිමේන්තුව පත්ව ඇති බවයි. එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක වරයා ආණ්ඩුවේ මර්ධන ක්‍රියා ධාමයන් සම්බන්ධයෙන්ද පහත පරිදි අදහස් දක්වනු ලැබීය.
වරප්‍රසාද ගැටලුව වෙනුවෙන් කතානායකවරයා, සභානායකවරයා මෙන්ම ජනාධිපතිවරයා සමගද හමුවී මෙන්ම දුරකථනයෙන් ද සාකච්ඡා කළ බවත් මේ තැනට ආවේ විසදුමක් නොමැති නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ස්ථාවර නියෝග, සම්ප්‍රදාය, ක්‍රමවේදය ගැන කතානායකවරයාම කතා කළත් අද වන විට සම්ප්‍රදාය විනාශ වී ඇති බවත් සියලුම මන්ත්‍රීවරුන්ට Erskine May සහ කවුලන් ෂඩ්ලර් යන නීතිරීති සම්ප්‍රදායන් ඇති පොත් කියවන ලෙස යෝජනා කළ බවත් මෙ අය මිත්‍රත්ව සංගම්වල ඡන්ද තියන්න පවා හැදු බවත් මේව සම්ප්‍රදාය නොවන බැවින් නම්‍යශීලී වී විපක්ෂයට කමිටුවල නියෝජන සදහා අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දැන්වීම
අද සමූපාකාර ඡන්ද සදහාද මර්දනය බවත් කඹුරුපිටියේ පවා මර්දනය බවත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පවා අයි එම් එෆ් එකට විරුද්ධව කතා කිරීමේ දී මර්දනය සිදුවූ බවත් මේ මර්දනය අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දිගින් දිගටම බහලුම් නිෂ්කාශන කටයුතු ගැන දැඩි ප්‍රමාදයක් තිබූ වකවානුවක රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළේ යැයි කියන බහලුම් 323ක් සම්බන්ධයෙන් රට තුළ කථිකාවතක් ඇතිව තිබෙන මොහොතක මේ සම්බන්ධයෙන් රටට කරුණු පැහැදිලි කිරීමට විෂය බාර අමාත්‍යවරයා වන වත්මන් ජනාධිපතිවරයා විසින් කටයුතු කර නොමැත. එමෙන්ම කොළඹ වරයේ බහලුම් නිෂ්කාශනය සදහා වන ප්‍රමාදය අපනයනය, ප්‍රතිඅපනයනය මගින් ඉහළ ආදායම් ලබන අප වැනි රටකට සුබදායී නොවන නිසා මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කරන ලදී. එහි දී පරීක්ෂා නොකර නිදහස් කරන ලද රතු ලේබල් ඇලවූ බහලුම් 323 සම්බන්ධයෙන් වගකීම ගන්නේ කවුද කියා ද මා රජයෙන් ප්‍රශ්න කර සිටියේය. මේ සම්බන්ධයෙන් රජයෙන් කඩිනම් පිළිතුරක් අපේක්ෂා කෙරේ.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 08 වැනිදාත් තමා අගමැතිවරියගෙන් ප්‍රශ්න කළ බවත් එවන් මොහොතක මෑතකදී රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අධිකරණ කටයුතුවලට බලපෑමක් වන නිසා විග්‍රහයක් නොකළත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන රජය මැදිහත් වී විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වා ඔවුන්ගේ පවුලේ අයටත්, ජනමාධ්‍යවේදීන්ටත් නිසි සාධාරණයක් ඉටු කර ඔහුගේ ඝාතකයන් නීතියේ රැහැනට ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ඔහුගේ ඝාතකයන් සොයා බලන්න රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.