අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාන් රාත්තල බත් පැකට්ටුව සහ කිරි තේ මිලත් වැඩි වෙයි

පාන් රාත්තල බත් පැකට්ටුව සහ කිරි තේ මිලත් වැඩි වෙයි

(හේමන්ත තුසිත කුමාර) සඳුදා(11) රාත්‍රියේ සිට පාන් මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් මිල ඉහළ දමා ඇත. එමෙන්ම සමස්ත ලංකා ආපනශාලා…

(හේමන්ත තුසිත කුමාර)

සඳුදා(11) රාත්‍රියේ සිට පාන් මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් මිල ඉහළ දමා  ඇත.

එමෙන්ම සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කලේ සෑම ආහාර පැකට්ටුවකම මිල ඉහල දැමීමට තීරණය කර ඇති බවය.සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ  සභාපති,අසේල සම්පත් මහතා අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේය.ගෑස් මිල වැඩිවීම හේතුවෙන් මිල ගණන් සංශෝධනය කිරීමට සිදුවු බව වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය. 

ඒ අනුව සියලුම කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළට යයි (එළවළු, බිත්තර, මාළු, මස් කෑම, rice,කොත්තු)ඊට අමතරව කිරි තේ එකක් රුපියල් 10 කින් වැඩිවෙන අතර ප්ලේන් ටී එකක මිල නොවෙනස්ව පවතී.රොටි මිල වැඩි කිරීමට තීරණය කර ඇති අතර අනෙක් සුළු කෑමවල මිල ගණන් වැඩි නොවනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාන් රාත්තල බත් පැකට්ටුව සහ කිරි තේ මිලත් වැඩි වෙයි | Lanka Newsweek