පාන්දරම වැල්ලම්පිටියේදී වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කර සඳුදා (25) අලුයම වෙඩි තැබීමක් සිදු කර තිබේ. පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත…
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කර සඳුදා (25) අලුයම වෙඩි තැබීමක් සිදු කර තිබේ.
පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් සිදු කළ මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව ඔවුන් පොලීසිය වෙත පැමිණිලි කර ඇත. වෙඩිතැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකතනයක් සහ වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනය ද එම ස්ථානයේ තිබී සොයාගත් බවද පොලිසිය පැවසීය.
වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකෙරේ.