අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“පාතාල” හෝරාවෙන් වැඩ අල්ලා ගනුදෙනු කරලා..!

“පාතාල” හෝරාවෙන් වැඩ අල්ලා ගනුදෙනු කරලා..!

ආර්ථිකය බින්දුවටම වැටී සාගතයක් ඇති වන ලකුණු..? අවුරුදු මංගල නැකත් අවමංගල නැකත් වෙයි..? ඇල්ලක බඩු ගන්න මල්ලක සල්ලි දෙන්න වෙයි..! හෙට රට කාලීන ජ්‍යෙතිෂ්‍ය විග්‍රහය සිංහල සහ හින්දු අලුත් අවුරුදු…

ආර්ථිකය බින්දුවටම වැටී සාගතයක් ඇති වන ලකුණු..?

අවුරුදු මංගල නැකත් අවමංගල නැකත් වෙයි..?

ඇල්ලක බඩු ගන්න මල්ලක සල්ලි දෙන්න වෙයි..!

“පාතාල” හෝරාවෙන් වැඩ අල්ලා ගනුදෙනු කරලා..!

හෙට රට කාලීන ජ්‍යෙතිෂ්‍ය විග්‍රහය

සිංහල සහ  හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර  අතර ප්‍රධාන ස්ථානයක් ගන්නා ආහාර අනුභවය සහ ගණු දෙනු කිරීම සඳහා මේ සැරේ  සකස් කර දී තිබෙන   නැකත් ඉතා  අභුභය.

අප්‍රේල් 14 වන සෙනසුරාදා පූර්ව භාග 11.53 ට වැඩ අල්ලා ගණු දෙනු කිරීම සඳහා සකසා තිබු නැකත අයත් වන්නේ “ පාතාල " නම් අභුභ හෝරාවටය.  පූර්ව භාග 11.42 සිට 12.12 දක්වා මෙම කාලයට අයත්ය.

මේ නිසා ජන ජීවිතය අවුල් විය හැකියි. රටේ ආර්ථිකය බිංදුවට වැටෙනු ඇත. මේ වන විට ශ්‍රී ලංකාව රටක් ලෙස  මන්ද පෝෂණයෙන් දෙවැනි ස්ථානයේ  නම්  පළමු ස්ථානයට පත් වීමට   ද ඉඩ ඇත.

නමුත්, ලිපි ගිනි මෙලවීමට තිබු වේලාව යහපත්ය. එම වේලාව “දිව්‍ය" හෝරාවට අයත් වේ.  පූර්ව භාග 10.40 සිට 11.10 දක්වා පැවතිණි.  ගිනි මෙලවීමට තිබුණේ ද 10.40 ටය. එනමුත්, වැදගත් වනුයේ ආහාර අනුභවය සහ ගණු දෙනුවය.  මුළු රටක් එකම අසුභ නැකතකදි මෙසේ කිරීම රටටම එක සේ බලපානු ඇත.

උපයා ගන්නවාට වඩා වැය කිරීමට ජනතාවට  සිදුවේ.  සල්ලි මල්ලක් ගෙන   කඩේට ගොස්  බඩු අල්ලක් රැගෙන ඒමට ජනතාවට  සිදුවේ.  ඒ තරමටම උද්ධමනය ශීග්‍රයන් ඉහළ යයි.  වේලක් හැර  වේලක් කෑමට සිදු වන යුගයක් උදාවේ.  බිළිඳුන් කිරි ඉල්ලා කෑ මොර ගසන කාලයක් බිහි වීමට ඉඩ ඇත.  ඒ කිරි පිටි ද මිලගණන් ඉහළ යන නිසාවෙනි.

ජනතාව මෙසේ පීඩිත ජිවිත ගත කරද්දි පාලකයෝ මැති ඇමැත්තෝ කෝටි ගණන් වියදම් කරමින් මීළග කතිර යුද්ධයට සැරසෙති.  විශාල මුදල් සම්භාරයක් ඔවුහූ නාස්ති කරති.  මුළුරටම “ පතාල " හෝරාවෙන් කළ ගණු  දෙනුව නිසා රටේ ආර්ථිකය පතුලටම වැටේ.  ජනතාව ද එහි ඇතුළටම වැටේ. මේ වසරේ ගොඩ ඒමක් නම් දක්නට නොලැබේ.

“පාතාල” හෝරාවෙන් වැඩ අල්ලා ගනුදෙනු කරලා..!

ජ්‍යෙතිෂ විද්‍යාඥ

ආචාර්ය රෙක්ස් ගුණවර්ධන

072-4040500

011-4282555

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“පාතාල” හෝරාවෙන් වැඩ අල්ලා ගනුදෙනු කරලා..! | Lanka Newsweek