පාතාලයේ වෙඩි නිසා ජීවිත අහිමි වෙනවා-ආණ්ඩුවේ වෙඩි නිසා රටත් අධිකරණයත් ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ වෙනවා

- විපක්ෂ නායක චෝදනා කරයි - දැන් හැමතැනම අහන්න ලැබෙන්නේ පැමිණිලි බවත් ජනතා ප්‍රශ්නවලට කිසිදු විසදුමක් නැති බවත් මේ වන විට රටේ දෙපාර්ශ්වයක් දෙකට බෙදී වෙඩි තබා තියන බවත් මැර කණ්ඩායම්වල වෙඩි තැබීම නිසා…
- විපක්ෂ නායක චෝදනා කරයි -
දැන් හැමතැනම අහන්න ලැබෙන්නේ පැමිණිලි බවත් ජනතා ප්‍රශ්නවලට කිසිදු විසදුමක් නැති බවත් මේ වන විට රටේ දෙපාර්ශ්වයක් දෙකට බෙදී වෙඩි තබා තියන බවත් මැර කණ්ඩායම්වල වෙඩි තැබීම නිසා දින දෙක තුනකට වරක් ජිවිත හානි තුවාල සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම ආණ්ඩුව 22 වැනි සංශෝධනය ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදට නිදහස් අධිකරණයට නීතියෙ ආධිපත්‍යයට යුක්තිය පසිදලිමේ ක්‍රියාවට වෙඩි තබන බවත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය මරා දමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට තිස්සමහාරාමය කෝංවැලාන ප්‍රදේශයේ පැවැති ගොවි ජන ගැටලු සොයා බැලීමේ ජන හමුව අමතමිනි.
දැන්වීම
සමස්තයක් ලෙස රටේ බහුතරයත් අධිකරණයට ගරු කරන බවත් අධිකරණයේ තීන්දු ගැන විශ්වාසයක් ඇති බවත් හිතාමතාම 22 වැනි සංශෝධනය තුළින රජය අනිවාර්යෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට මානව අයිතිවාසිකම්වලට ජනතාවගේ මුලික අයිතිවාසිකම් වෙඩි තබා විනාශ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආණ්ඩුව ගරු අධිකරණයත් විනාශ කරනවා
ඊට අමතරව ආණ්ඩුව දිගින් දිගටම වෙඩි ගණනාවක් පත්තු කරන බවත් ආණ්ඩුව ආර්ථිකයට තැබු වෙඩි නිසා ජීවන බර ජීවන වියදම වැඩි වී ඇති බවත් උද්ධමනය වැඩි වී ඇති බවත් ජනතාවට බඩු මිල දරාගත නොහැකි බවත් ආණ්ඩුව 22 වැනි සංශෝධනය තුළින් අධිකරණයේ නිදහසට වෙඩි තබනවා සේම ආර්ථිකයත් විනාශ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බලය ගත්තට ජනතාවට දුන් සහනයක් නම් නැ
ආණ්ඩුව බලයට පැමිණි පසු ජනතාවට කිසිදු සහනයක් නොමැති බවත් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට තෙල් දීම ආදිය සිදු කරනවා කිව්වත් ඒවා නොවු බවත් ජනතාවගේ ජීවිකාව හා ජීවනෝපාය විනාශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
දැන් අස්වැසුමත් කපනවා
අද වන විට අස්වැසුම පවා කැපූ බවත් මැතිවරණ සමයේ අස්වැසුම වැඩි කරනවා කිව්වත් අද අස්වැසුම කපා දමන බවත් කිසිදු කාර්යක්ෂම සැලසුම් සහගත දුප්පත්කම තුරන් කරන වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බොරු කියා බලය ගෙන ජන ජීවිත විනාශ කරනවා
ජවිපේ ලක්ෂ 220 ජනතාව රවටා බලය ගෙන 2/3 ගෙන ජනපතිකම් ගෙන දැන් ජනතාවගේ ජන ජීවිත විනාශ කරමින් සිටින බවත් අද ගොවියා අන්ත අසරණ වී ඇති බවත් බීජ පොහොර මිල වැඩි වීම අලි මිනිස් ගැටුම මැද නිෂ්පාදනය අතට ගත්තත් අද ස්ථාවර මිලක් නොමැති බවත් රු. 150 පොරොන්දුව කඩ කර ගොවියාට රු. 17ක් වී කිලෝවකින් පාඩු කර ඇති බවත් දැන් රු. 120ට වී ගන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අද වන විට කර්මාන්තවලට ආණ්ඩුවෙන් බදු වෙඩි
අද වන විට කර්මාන්තකරුවන්ට ශක්තියක් නැති බවත් බදු පිට බදු ගැසිම නිසා කර්මාන්තකරුවන් රට අතහැර යන බවත් බදු වෙඩිල්ල නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවා අන්ත අසරණ වී ඇති බවත් පරාටේ නීතිය යටතේ ආසාදු ලේඛන ගත කර මේ ව්‍යාපාරිකයන් අන්ත අසරණ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට එක්වෙමු
මේ නිසා සියලු දෙනා එකට එකතු වී ජනතාවගේ ජිවත් වීමේ අයිතිවාසිකම් සුරක්ෂා කළ යුතු බවත් මේ අයිතිය මහ පොළොවේ සත්‍යක් විය යුතු බවත් ඒ වෙනුවෙන් ජනතාවට නායකත්වය ලබා දෙන්න සුදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.