පාඨලීගේ සමීපතමයෙකු සජිත්ගේ සන්ධානය වැනසීමේ කුමන්ත්‍රණයක

කොන්ත්‍රාත්තුව ඒකාධිපති රෙජීමයෙන් අරමුණ ඔටුන්න හිමි කුමරු රාජාභිෂේක කිරීමයි කොළඹින් කාර්යාලයක්-කාර්ය මණ්ඩලයක් සමාජ මාධ්‍ය වේදිකා පහකින් මෙහෙයුම අරඹලා පාඨලී චම්පික කිසිවක් නොදනී එක්සත් ජන රජ පෙරමුණේ…
කොන්ත්‍රාත්තුව ඒකාධිපති රෙජීමයෙන්
අරමුණ ඔටුන්න හිමි කුමරු රාජාභිෂේක කිරීමයි
කොළඹින් කාර්යාලයක්-කාර්ය මණ්ඩලයක්
සමාජ මාධ්‍ය වේදිකා පහකින් මෙහෙයුම අරඹලා
පාඨලී චම්පික කිසිවක් නොදනී

එක්සත් ජන රජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සමීපතමයෙකු සහ එම පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකුව සිටින පුද්ගලයෙකු ඒකාධිපති රෙජීමයේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂය භේද භින්න කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බවට "lankanewsweek" වෙත සාක්කි-සාධක ඇතිව තොරතුරු වාර්තා වෙමින් තිබේ.
විපක්ෂය භේද භින්න කිරීමට අමතරව, එම කොන්ත්‍රාත්තුවේම දිගුවක් ලෙස මේ පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද, එක්සත් ජාතික පක්ෂයට ද, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට සහ එහි සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාට ද නිර්දය ලෙස පහර දෙමින් සිටියි.
දැන්වීම
ඒ අනුව විපක්ෂය, රජය සහ සිවිල් සමාජය ඉලක්ක කර ගත් මේ සමස්ත කුමන්ත්‍රණයේ අරමුණ වන්නේ ඒකාධිපති රෙජිමයට අභියෝගයක් වී තිබෙන ජන සමාජයේ සියලු බලවේග අඩපන කර, රටේ සහ ජනතාවගේ එකම ගැලවුම්කාරය ලෙස එම රෙජීමය සහ එහි ඔටුන්න හිමි කුමරාගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ඔවුන් යළි රාජාභිෂේක කිරීමය.
මේ කුමන්ත්‍රණයට අදාළ මෙහෙයුම් සඳහා මේ පුද්ගලයාට කොළඹින් කාර්යාලයක් සහ කාර්ය මණ්ඩලයක් ලබා දී තිබෙන අතර ඔහු දැනට සමාජ මාධ්‍ය වේදිකා පහක් නිර්මාණය කර ගෙන එහි සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත. මේ මොහොතේ ඔහුගේ මුඛ්‍ය දේශපාලන ඉලක්කය වී තිබෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන පුළුල් දේශපාලන සන්ධානය තීරණාත්මක ලෙස සුනුවිසුනු කිරීමය.
මෙහි අතිශය කණගාටුවට කරුණ වන්නේ, එක්සත් ජන රජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මොහුගේ මෙම දේශපාලන කුමන්ත්‍රණය නොදැන සිටීමයි.
එදා එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් භේද භින්න කළේ ද මේ පුද්ගලයාය. ඊට පසුව යහ පාලන සමයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර දරුණු ගැටුම් ඇති කළේ ද මේ පුද්ගලයාය. අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් දේශපාලන වශයෙන් විරසක කළේ ද මොහුය. මේ මොහොතේ ඔහු කරමින් සිටින්නේ සජිත් ප්‍රේමදාස සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අතර දේශපාලන වශයෙන් පොදු එකඟතාවයක් ඇති වීමට ඉඩ නොදී මේ වන විටත් ගොඩනැගෙමින් පවතින විපක්ෂයේ දේශපාලන සන්ධානය අරාජික කිරීමය.
ඉතාම කණගාටුදායක තත්ත්වය වන්නේ මේ පුද්ගලයා එදා සිට ක්‍රියාත්මක කළේ ඒකාධිපති රෙජීමයේ කොන්ත්‍රාත්තුවක් බව රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් නොදැන සිටීමය. ඒ ගැන "lankanewsweek" සිය සාතිශය සංවේගය පළ කර සිටින්නේය..!