පාඨලීගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි ගෝඨාගෙන් ඉල්ලුවේ සජිත්ලු..!

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතින් සිදු වූ රිය අනතුරට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසට තමාගෙන් ඉල්ලීමක් කරමින් තමාට බල කර…
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතින් සිදු වූ රිය අනතුරට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසට තමාගෙන් ඉල්ලීමක් කරමින් තමාට බල කර සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව එවකට ජනාධිපතිව සිටී ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සමීපතමයෙකු සමග කියා තිබේ.
ජනාධිපතිවරයාව සිටිය දී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා තිබෙන්නේ, තමාට අතිශය සමීප රටේ ප්‍රබලම රාජ්‍ය නොවන සංවිධානයක නායකයා සහ ලොව අතිශය දියුණු ප්‍රබල රටක ශ්‍රී ලංක මහා කොමසාරිස්වරයා ලෙස මේ වන විට කටයුතු කරන ප්‍රධාන පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සමගය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිවරයෙකු ලෙස ද කලක් කටයුතු කර ඇති මෙම රාජ්‍ය තාන්ත්‍රිකයා බැසිල් රාජපක්ෂ, සරත් ෆොන්සේකා, දොස්තර රාජිත සේනාරත්න සහ බන්දුල පද්මකුමාර යන මහත්වරුන් සමග කොළඹ ආනන්ද විද්‍යාලයේ එකම පංතියේ අධ්‍යාපනය ලැබූ ආදී ආනන්දීයෙකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා සමග කිව්ව මේ කතාව මෙම රාජ්‍ය තාන්ත්‍රිකයා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල සහ තරුණ සිවිල් සමාජ නායකයෙකු සමග කියා ඇති අතර එම නායකයා එම කතාව "lankanewsweek' සමග හෙළිදරව් කර සිටියේය.