අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාකිස්ථාන අගමැති සිය කාර්ය මණ්ඩලය දෙකට බස්සයි..!

පාකිස්ථාන අගමැති සිය කාර්ය මණ්ඩලය දෙකට බස්සයි..!

(නිලති මානෙල්) පාකිස්ථාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සේවක සේවිකාවන් 524 දෙනෙකුගෙන් යුතු සිය කාර්ය මණ්ඩලය දෙදෙනකු දක්වා ද 80කින් යුතු වෙඩි නොවදින මෝටර් රථ සංචිතය 33 දක්වා ද අඩු කර තිබේ. මැතිවරණයට පෙර…

(නිලති මානෙල්)

පාකිස්ථාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සේවක සේවිකාවන් 524 දෙනෙකුගෙන් යුතු සිය කාර්ය මණ්ඩලය දෙදෙනකු දක්වා ද 80කින් යුතු වෙඩි නොවදින මෝටර් රථ සංචිතය 33 දක්වා ද අඩු කර තිබේ.

මැතිවරණයට පෙර ඔහු ජනතාවට ලබා දුන් පොරොන්දු සැබෑ ලෙසම ඉටු කරන බව මේ අනුව මනාව ඔප්පු වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ජනතාව අමතමින් ඔහු පවසා ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට ප්‍රමාණවත් මුදල් රටේ  නොමැති අවස්ථාවක අනවශ්‍ය ලෙස සිය සුව පහසුව වෙනුවෙන් මුදල් නාස්ති කළ නොහැකි බවයි.එමෙන්ම රටේ දූගීභාවය තුරන් කිරීම වෙනුවෙන් සිය සුඛෝපභෝගී ජීවිතය අත හැර ජනතාවගේ මුදල් ආරක්ෂා කරන බවට ද පකිස්ථාන අගමැතිවරයා එරට ජනතාවට පොරොන්දු වී තිබේ.

පකිස්ථානයේ ණය බර අඩු කිරීමේ අරමුණින් ධනවත් පන්තියෙන් යළි බදු අය කර ගත යුතු බවට ඔහු ප්‍රකාශ කර ඇති අතර සිය කාර්යාලයට අනියුක්තව ඇති වෙඩි නොවදින සුඛෝපභෝගී රථ අළෙවි කර දැමීමට  තීරණය කර ඇත්තේ රටේ ණය බරින් ජනතාව මුදා ගැනීමේ අරමුණිනි.

ඒ අනුව පාකිස්තානු නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ජනතා බදු මුදලින් සුඛෝපභෝගී ජීවිත ගත කරන ලෝක නායකයින්ට සැබෑ ආදර්ශයක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාකිස්ථාන අගමැති සිය කාර්ය මණ්ඩලය දෙකට බස්සයි..! | Lanka Newsweek