ප්‍රේමලාල් ජයසේකර -මහීපාල හේරත් පොහොට්ටුවට

(සුජිත් මංගල ද සිල්වා) රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් විජේස්කර සහ සබරගමුව හිටපු මහා ඇමති මහීපාල හේරත් යන මහත්වරු අද (13) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට…
(සුජිත් මංගල ද සිල්වා)
රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් විජේස්කර සහ සබරගමුව හිටපු මහා ඇමති මහීපාල හේරත් යන මහත්වරු අද (13) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වුහ.මේ අය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්වල පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැලිවලදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනකු මෙසේ ඒකාබද්ධ විපක්ෂය සමග එක් වන බව මුලින්ම “lankanewsweek” වාර්තා කළේ 2018 ජනවාරි 06 වැනිදාය. “lankanewsweek” අප වාර්තා කළ අන්දමට මේ දෙදෙනා සහ නැගෙනහිර පළාත නියෝජනය කරන තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයකු ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිතව සිටියේ එදින ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත නගරයේ පැවැති ජන රැලියේදී වුවත් නොලවැක් විය හැකි හේතුවක් මත එම වැඩ පිළිවෙළ එදින ක්‍රියාත්මක නොවිණ.
ශ්‍රීලනිප ප්‍රබලයින් දෙදෙනකු අද පොහොට්ටුවට?
January 6, 2018 lankanewsweek News 0(අශන්ති වර්ණසුරිය)
සබරගමුව සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (06) එක්වීමට නියමිත බව දැන ගන්නට තිබේ. මේ ප්‍රබලයින් දෙදෙනා කඩවත නගර මධ්‍යයේ අද(06) හවස 2.00 ට පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ජන රැලියේදී එම පෙරමුණ සමග එක්වනු ඇතැයි පැවසේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සමග ඊයේ(05) මධ්‍යම රාත්‍රී වන තුරු සිදු කෙරුණ සාකඡාවල ප්‍රතිපලයක් ලෙස මේ පියවර ගනු ලැබේ.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කඩවත ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.