අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රේමනීය මිනිසුන්ගේ රුධිරයෙන් පොළව තෙත් කළ අපරාධකරුවන්ට දඬුවම් ලබා දෙනු

ප්‍රේමනීය මිනිසුන්ගේ රුධිරයෙන් පොළව තෙත් කළ අපරාධකරුවන්ට දඬුවම් ලබා දෙනු

ප්‍රේමය වැපිරූ මිනිසුන්ගේ රුධිරය පොළොවට හෙලූ සියලු වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටින්නේ,…

ප්‍රේමය වැපිරූ මිනිසුන්ගේ රුධිරය පොළොවට හෙලූ සියලු වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටින්නේ, 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදාට යෙදුණු, පාස්කු ඉරිදා උදෑසන 8.45 ට පමණ මෙරට ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු මරා ගෙන මැරෙන අන්තවාදී සහ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට වසර හයක් සැපිරීම නිමිත්තෙන් සිය නිල "Facebook" පිටුවේ විශේෂ සටහනක් තබමිනි.

මේ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ සහ අබාධිත වූ පුද්ගලයින්ට සාධාරණය ඉල්ලමින් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තබා ඇති එම සටහන මෙසේය.

දැන්වීම

පාස්කු ඉරිදා සිදු වූ මරා ගෙන මැරෙන ප්‍රහාරයට වසර 6යි. ප්‍රේමය වැපිරූ මිනිසුන්ගේ රුධිරය පොළොවට හෙලූ සියලු වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙමු. යුක්තිය ඉටු වන තුරු අපි අවදියෙන්..! 

ප්‍රේමනීය මිනිසුන්ගේ රුධිරයෙන් පොළව තෙත් කළ අපරාධකරුවන්ට දඬුවම් ලබා දෙනු

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න