අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රේමදාස යුගයක් යළි අරඹන්නේ තරුණයින් ටයර් සෑයේ පුළුස්සන්නද..?

ප්‍රේමදාස යුගයක් යළි අරඹන්නේ තරුණයින් ටයර් සෑයේ පුළුස්සන්නද..?

ටයර් සෑය සංස්කෘතියක් රටට යළි අවශ්‍ය ද..? (සුජිත් මංගල ද සිල්වා) රණසිංහ ප්‍රේමදාස යුගයක් රටේ ඇති කිරීම ගැන සමහරුන් කතා කරන විට තමාට සිහි වන්නේ තරුණ තරුණියන් දහස් ගණන් "ටයර් සෑයවල" අමු අමුවේ පුළුස්සා…

ටයර් සෑය සංස්කෘතියක් රටට යළි අවශ්‍ය ද..?

ප්‍රේමදාස යුගයක් යළි අරඹන්නේ තරුණයින් ටයර් සෑයේ පුළුස්සන්නද..?

(සුජිත් මංගල ද සිල්වා)

රණසිංහ ප්‍රේමදාස යුගයක් රටේ ඇති කිරීම ගැන සමහරුන් කතා කරන විට තමාට සිහි වන්නේ තරුණ තරුණියන් දහස් ගණන් "ටයර් සෑයවල" අමු අමුවේ පුළුස්සා ඝාතනය කෙරුණු ඒ දුර්දාන්ත අතීතය යැයි හිටපු ජනපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ වීරකැටිය කොළභුමියේ සඳුදා (29) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අසාන බල මණ්ඩල රැස්වීමට එක් වෙමිනි. 

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය."සුදු වෑන් සංස්කෘතියක් ගැන මේ අය අපට චෝදනා කරනවා.මේ සුදු වෑන් හදුන්වා දුන්නේ කවුද..? 88-89 වකවානුව ඔබට මතක ද..? ඒ කාලේ සුදු වෑන් නැහැ හැබැයි අහුවුණ ඕනෑම වෑන් එකකින් උස්සගෙන ගියා. තරුණ තරුණියන් එකසිය පනහක් ටයර් සෑයවල පිච්චුවා නේදැයි..? එක දවසක්  ඇමැතිවරයකුගෙන් මම ඒ කාලයේ ඇසුවා. එවිට ඔහු කිව්වා ඔහොම ඉන්න මම බලලා කියන් නම් කියලා එහෙම කියලා ඔහු ටෙලිෆෝනය අතට ගෙන ඇමතුම් කිහිපයක් ලබා ගත්තා.මම හිතුවේ මේ සිද්ධිය ගැන මේ මිනිහා ටෙලිෆෝන් කරලා කිසිවෙකුට බැනීමට හෝ යම් නිලධාරියෙකුට දඩුවමක් ලබා දෙන්න යනවා කියලයි. නමුත් ඒ මනුස්සයා දුරකථන ඇමතුම්  ලබා ගැනීමෙන් පසුව පෙරලා මා සමග කියා සිටියේ "මහින්ද, ඔයා වැරදියිනේ... ගණන දෙසිය පනහක් නෙ..." යනුවෙනුයි.

මම මේ කතාව කියා සිටියේ රණසිංහ ප්‍රේමදාස යුගයකට රට ආපසු ගෙන යා යුතු යැයි කියන නිසයි.එදා ඒ තිබුණු තත්ත්වෙට රට යළි ගෙන ගියොත් කුමක් සිදු වෙයිද..? සුදු වෑන් නොව ටයර් සෑය සංස්කෘතියක් රටේ යළි ඇති වේවි. ඉතින්  තමා බලයට ආ විගස  රණසිංහ ප්‍රේමදාස යුගය නැවත ආරම්භ කරන බව කවුරුන් හරි කියනවා නම් එවිට අපිට මතක් වන්නේ තරුණ තරුණියන් ටයර් සෑයවල අමු අමුවේ පුළුස්සා ඝාතනය කෙරුණු ඒ අතීතය තමයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ප්‍රේමදාස යුගයක් යළි අරඹන්නේ තරුණයින් ටයර් සෑයේ පුළුස්සන්නද..? | Lanka Newsweek