ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ දොරටු පාලයින් නොවේ

"මම ජනපතිකම්-අගමැතිකම් භාර නොගත්තේ රාජපක්ෂලා එක්ක Deal නොමැති නිසයි" රටේ දුප්පත්කම ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වෙලා "LIRNEasia" සංගණනයට අනුව අපේ රටේ දුප්පත් ප්‍රජාව ලක්ෂ 30 සිට ලක්ෂ 70 දක්වා වැඩි වී…
"මම ජනපතිකම්-අගමැතිකම් භාර නොගත්තේ රාජපක්ෂලා එක්ක Deal නොමැති නිසයි"
රටේ දුප්පත්කම ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වෙලා
"LIRNEasia" සංගණනයට අනුව අපේ රටේ දුප්පත් ප්‍රජාව ලක්ෂ 30 සිට ලක්ෂ 70 දක්වා වැඩි වී ඇති බවත් සංගණනය කරන අවස්ථාවේ රටේ ජන ගහනය දෙස බැලූ විට දළ වශයෙන් තුනෙන් එකක් දුප්පත් වී ඇති බවත් මේ මොහොත වන විට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
මේ දුප්පත්කමට රටේ වත්මන් පාලකයන් හරිහමන් විසදුමක් ලබා නොදුන්නත් සමගි ජන බලවේග රජයක් යටතේ රටේම දුප්පත්කම තුරන් කිරිමට නව වැඩ සටහනක් දියත් කරන බවත් ඒ යටතේ පරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරිම සහ නිෂ්පාදනය සඳහා දිරිය ශක්තිය ලබා දෙමින් දුගී දුප්පත්කම තුරන් කිරීමේ ජාතික වැඩ සටහනක් දැනටමත් සකස් කරමින් යන බවත් එම වැඩ සටහන නුදුරු දිනකදී එළිදක්වන බවත් ඒ වැඩ සටහනට අනුව කිසිවෙකුගේ වහලෙකු සහ අතකොලුවෙකු නොවී ආඥාදායකත්වයකට යටත් නොවී ස්වෝත්සාහයෙන් දෙපයින් නැගී සිටිය හැකි ජන කොට්ඨාසායක් බවට රටේ ජනතාව පත් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
එසේම අනුර කුමාර දිසානායක මහතා අධ්‍යාපනය ලැබූ දු දරුවන් 3500ක් ඉගෙන ගන්නා තඹුත්තේගම මහා විද්‍යාලයට සජිත් ප්‍රේමදාස දුන්න බස් රථය රියදුරෙකු නොමැතිව දිරා පත් වන බවට පසුගිය දවසක එක්තරා කුහකයෙක් පුවත්පතකට ප්‍රකාශයක් දී ඇති බවත් ඒ ගැන සොයා බලන විට එම පාසලේ දූ දරුවන් ත්‍රිකුණාමලයේ පැවැති බාලදක්ෂ ජම්බෝරියට පවා ගොස් ඇත්තේ එම බස් රථයෙන් බවත් මෙවැනි තත්ත්වයක් තිබියදී බොරු ප්‍රවෘත්ති මවා ව්‍යාජ ජන මත ගොඩනැගීම ආරම්භ කර ඇති නමුත් ඊට නොසැලී 81ක් වැනි බස් රථය ලබා දීමේ ගමන ලබන සතියේ සිට ආරම්භ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දැන්වීම
රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ කර්මාන්ත ශාලා ගිනි තැබූ පුද්ගලයන්ම අද ව්‍යාජ ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් දරුවන් වෙනුවෙන් ලබා දෙන බස් රථ වැඩ සටහන් සඳහා ද අකුල් හෙළන බවත් මොවුන් නතර කළ සහ නතර කිරිමට උත්සාහ කරන මේ සංවර්ධනය කෙසේ හෝ නැවතත් ආරම්භ කරන බවත් හෙතෙම අවධාරණය කර සිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, කඩවත මහර පැවැති ජන පවුර වැඩ සටහන සමග එක් වෙමිනි.
ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ දොරටු පාලයෝ නොවෙයි
එසේම සමගි ජන බලවේගය යටතේ දිනන අය, පසුබෑමට ලක්වන අය සේම බිම් මට්ටමේ නායකයන්, සංවිධායකවරුන් සහ පොදු ජනතාව රටේ සංවර්ධන ක්‍රියාවලියේ පෙර ගකරුවන් බවට පත් කරන බව පැවසු විපක්ෂ නායකවරයා තමාට අගමැති සහ ජනාධිපති ධූර භාර ගැනීමට හැකියාව තිබුණත් එසේ නොකළේ හොරු සමඟ තමාට "Deal" නොමැති නිසා බවත් සඳහන් කළේය.
තමා ජනාධිපති වූවා නම් බෙහෙත් වංචා කළ කෙහෙලිය රඹුක්ටවැල්ලට පක්ෂව ඡන්දය ලබා දෙන්න සිදු වන බවත් තමා කිසිදු අයකුට බිය නොවන අතර තමා කිසිදු දිනක රාජපක්ෂලාට "එහෙයි ස්වාමීනි" නොකී බවත් ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ දොරටු නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න
තමා පාර්ලිමේන්තුවේ කතා කරනවා වැඩියි කියා සමහර කුහක පිරිස් චෝදනා කරන බවත් තමා එසේ කතා කරන නිසා ජනතාව පීඩාවට පත් කරන රාජ්‍ය නිලධාරීන් ගැන පවා අනාවරණය වන බවත් පසුගිය දා වතු කම්කරු ජනතාවට සහ පාසල් ළමුන්ට අපහාස කරමින් කතාවක් සිදු කළ විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ගැන පවා තමා පාර්ලිමේන්තුවේ කතා කළ නිසා ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකි වූ බවත් තමා ප්‍රශ්න අහන්නේ පොදු ජනතාව සහ රටේ පොඩි මිනිසා වෙනුවෙන් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
පරාටේ නීතියට දෙන සහනය ගැන අපි අවදානෙන්
දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් සහ රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට රජය කිසිදු සහනයක් ලබා නොදී පරාටේ නිතිය අනුගමනය කරන බවත් මේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙන්නැයි ඉල්ලීම් කරන සෑම අවස්ථාවේම මුදල් ඇමතිවරු බොරු කිය කියා මග හරින බවත් මුදල් ඇමති වන ජනාධිපතිවරයා මේ කිසිදු විවාදයකට නොපැමිණියත් අවසානයේ පරාටේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙන්න කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු ප්‍රකාශ කර ඇති බවත් ඊට හේතුව තමා ඇතුළු විපක්ෂය ඒ වෙනුවෙන් හඬ නැගීම බවත් හෙතෙම කියා සිටියේය.
පරාටේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙනවා සේම කාරක ප්‍රාග්ධනයක් ලබා දිය යුතු බවත් එසේ නොමැතිව එම ක්‍රියා මාර්ගයෙන් පළක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.