ප්‍රිමියම් හයිබ්‍රිඩ් ගෑස් මිල අඩු කිරීමට අනුමැතිය..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නව ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල අඩු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය හිමිව ඇති බව…
(හේමන්ත තුසිත කුමාර)
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නව ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල අඩු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය හිමිව ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.ඒ අනුව නව ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් 1150 කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
නව ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් 1,395ක මුදලකට අලෙවි කිරීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම විසින් හඳුන්වා දී තිබු අතර නව මිල සංශෝධනයත් සමග පෙර මිලට සාපේක්ෂව රුපියල් 245ක් අඩුවෙන් ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් ලබා ගත හැක .
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1