අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයන් සමඟ සමගි ජන බලවේගය සුවිශේෂී හමුවක්

ප්‍රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයන් සමඟ සමගි ජන බලවේගය සුවිශේෂී හමුවක්

‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සඳහා අභියෝග සහ අවස්ථා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අනාගත ප්‍රතිපත්තිය’ යන මැයෙන් පසුගිය අගෝස්තු 9 වැනි දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන්…


‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සඳහා අභියෝග සහ අවස්ථා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අනාගත ප්‍රතිපත්තිය’ යන මැයෙන් පසුගිය අගෝස්තු 9 වැනි දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී විශේෂ හමුවක් පැවැත්විණි. මේ සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ වෘත්තිකයන් මෙන් ම සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජිකයන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් යනාදීන් ද එක්විය.              

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දේශපාලන පක්ෂයක් ප්‍රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයන් කැඳවූ අවස්ථාවක් වන මෙහිදි වර්තමාන ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවයම අදහස් හුවමාරු කරගන්නා ලදි.                     

මෙම සාර්ථක සමුළුවේ කැදවුම්කරු ලෙස කටයුතු කලේ හිටපු පළාත් සභා මන්ත්‍රි සහ ප්‍රාග්ධන වෙළෙඳ පොල හිටපු ආයෝජන උපදේශකයෙකු ලෙස කටයුතු කල නිරෝෂන් පාදුක්ක විසිනි.

ප්‍රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයන් සමඟ සමගි ජන බලවේගය සුවිශේෂී හමුවක්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න